Jungle Book (2016) with Sinhala Subtitles


නිවාඩු මාසේ අපේ පුංචි නංගිලා මල්ලිලාට ලස්සනම චිත්‍ර‍පටියක් ඇවිත් තියෙනවා. එයාලාට විතරක් නෙවෙයි පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් ලස්සනම ලස්සන කාටුන් එකක ප්‍ර‍ති නිර්මාණයක් තමයි මේ. 1967දි ඩිස්නි සමාගමෙන් නිකුත්වුන ජන්ගල් බුක් චිත්‍ර‍පටය නොබලපු කෙනෙක් නැති තරම්. එච්චරට ඒක හැමෝගෙම හිත් වල රැදුනා. ඉතින් ඩිස්නි සමාගමෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයේ තමයි අලුත් චිත්‍ර‍පටය තිරගතකිරීම ඇරඹුවේ. IMDb අගය 7.8ක් වගේ ඉතාම ඉහල අගයක් මේ චිත්‍ර‍පටයට ලැබිලා තියෙනවා. .ඩො.මි. 175ක් වියදම් කරලා තනපු මේ චිත්‍ර‍පයේ බෝක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො.මි. 940.7ක්!

Neel Sethi කියන පුංචි අවුරුදු 12 පුතෙක් තමයි ප්‍ර‍ධාන චරිතය, කියන්නේ මෝග්ලිගේ චරිතය නිරූපණය කරන්නේ. ඒවගේම මෙහි හඩ කැවීම වෙනුවෙන් ඉන්නේ සේරම ඔයාලා දන්න කියන නළු නිළියන්. ඇවෙන්ජර්ස්, කැප්ටන් ඇමරිකා වගේ චිත්‍ර‍පටිවලින් ඔයා අදුනගත්ත Scarlett Johansson, ගෝස්බස්ටර්ස් චිත්‍ර‍පටවලින් ඔයා දැක්ක Bill Murray, එතකොට Ben Kingsley, රෙවලුෂන් කතාවෙන් ඔයා අදුනගත්ත Giancarlo Esposito වගේ ගොඩක් අය ඉන්නවා.

මොග්ලි කියන්නේ වෘක රංචුවේ හැදී වැඩුන මිනිස් ළමයෙක්. රංචුවේ නායකයා තමයි අකීලා. මෝග්ලිගේ අම්මා තමයි රක්ෂා. අම්මා හරි ආදරෙයි මෝග්ලිට. අනිත් පැටවුන්ට වගේම. ඔයාට තේරේවි ඒක බලනකොට. මේ කතාව වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සියෝනි ගමේ කියන කැලේදි. මෝග්ලි කැලේට අරගෙන එන්නේ බගීරා කියන පැන්තර් කෙනෙක්. ඒකට හේතුවත් බලාගන්න පුලුවන් ඔයාට. ඒවගේම කතාව සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට පෙරලෙනවා ෂෙයර් ඛාන් කියන කොටියා මෝග්ලිගේ ජීවිතයට ආවාම. ඒවගේම මේ කතාවේදි බලූ කියන වලහා, ලුවී කියන වදුරු රජු, කා කියන පිඹුරා වගේ ගොඩක් චරිත මුණ ගැහෙනවා. ලොකු දෙයක් අවසානයේදි වෙනවා. කාටුන් එකට වැඩිය ටිකක් වෙනස් වේවි චිත්‍ර‍පටය. හැබැයි හොද විදියට!

එහෙනම් කතාව බලලා අදහසක් දක්වන්න කියලාත් කියනවා. ඉක්මනින්ම තව චිත්‍ර‍පටි දෙකක්ම ඔයාලාට ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවත් ඉක්මනටම දෙන්නම්. එතකල් මම යනවා. හැමෝටම තෙරුවන් සරණයි!


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.5GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.