Wagah (2016) සිංහල උපසිරැසි සමඟින්




ළමා චිත්‍රපටයක් හා පවුලේ චිත්‍රපටයක උපසිරැසි කළාට පස්සෙ නවතම දෙමළ චිත්‍රපටයක උපසිරැසි කරන්න අවස්ථාවක් ලැබුණා. මේක ඉන්දීය - පාකිස්තාන දේශ සීමාවෙ සිදුවන යුද්ධය සම්බන්ධව නිර්මාණය කරන ලද කතාවක්. හැබැයි ඉතින් යුද්ධ, ගුටිකෙළි ගොඩාක් නම් නැහැ. ප්‍රේමය මුල් කරගත්ත කතාවක් තමයි ප්‍රධාන වශයෙන්ම දිවෙන්නෙ.

කතාව ගත්තම උසස් අධ්‍යාපනය අවසන් කළ අයිය - මලෝ (මහප්පගෙයි - බාප්පගෙයි පුත්තු) දෙන්නෙක් නොමිලේ බියර් බොන්න හිතාගෙනයි තාත්තලගෙ කඩවල වැඩකරන එකෙන් බේරෙන්නයි හිතාගෙන දේශසීමා ආරක්‍ෂක බලකායට බැඳෙන්න යනවා. ඒත් උස මදිවීම නිසා අයියට එහි සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත් වෙන්න බැරි වෙනවා. සති 38ක පුහුණුවෙන් පසු රාජකාරී සඳහා කාශ්මිරෙට යන මලයා (වාසු) තනිකම පාළුව මැද්දෙ කාලය ගෙවත්දි, ගැහැණු ළමයෙක් (කානෝම්) ගැන ප්‍රේමයක් ඇති වෙනවා. කොහොම හරි අමාරුවෙන් වාසු ආදරය ප්‍රකාශ කළත් ඇය නිහඬ වෙනවා. මේ අතරෙ දේශ සීමාවෙ ගැටළු නිසා රට ඇතුලෙත් ගැටුම් ඇති වෙලා පාකිස්තානුවො යලිත් පාකිස්තානෙටම යවන්න රජය කටයුතු කරනවා. එලෙස පිටත් කරත්දි කානෝම් විදේශ ගමන් බලපත්‍රය අරගෙන එන්නෙ වාසු ළඟට. අමාරුවෙන් දෙදෙනා වෙන් වෙලා ගියත් කානෝම් යන බසය පාකිස්තාන විරෝධී ත්‍රස්තවාදීන් පිරිසක් අත්පත් කරගෙන මිනිසුන් මරා දමනවා. කානෝම් බේරෙනවා. ඇයව පාකිස්තානෙට ගිහින් බස්වන්න යන වාසු පාකිස්තාන වධ කඳවුරක සිරකරුවෙක් බවට පත් වෙනවා. තවත් නම් කතාව කිව්වොත් වැඩක් නැහැ නේද? ඒ වගේම, වාසුට කානෝම්ගෙ ආදරය ලැබෙනවද? වාසු බේරෙනවද? දෙන්නගෙම පවුලේ අයට මොකද වෙන්නෙ? කියල දැනගන්නත් ඕනෙ නම් කතාව බලන්නම වෙනවා.

දෙමළ චිත්‍රපට රසිකයින්ට නම් වාසු විදිහට රඟපාන වික්‍රම් ප්‍රභූ අළුත් කෙනෙක් නෙමෙයිනෙ. කානෝම් විදිහට හඳුන්වා දෙන නිළියක් වන රන්යා රාඕ රඟපානවා. නාගප්පන් බාප්පා විදිහට කරුණාස් රඟපානවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.