Dishoom (2016) සිංහල උපසිරැසි සමඟින්




ඉන්දියාවේ අති සාර්ථකව තිරගත වුන තවත් සුපිරි ගණයේ හින්දි චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ Rohit Dhawan විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ John Abraham,Jacqueline Fernandez,Varun Dhawan,Saqib Saleem,Akshaye Khanna රංඟනයෙන් දායක වෙනවා. ගිත සියල්ලම නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ ජනප්‍රියම සංඟිත නිර්මාණ ශිල්පියෙක් වන Pritam අතින්. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ආරාධිත රංඟනයෙන් දායක වන ඉන්දියාවේ ජනප්‍රියම නළු නිලි යුගලයන් කිපදෙනෙක්ම ඉන්න නිසා චිත්‍ර‍පටිය තවත් ලස්සන වෙලා තියනවා...

කතාව ගැන කිව්වොත් ඩුබායි හි පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියකදි ඉන්දියාවේ සුපිරි පිතිකරුවෙක් වන විරාජ් ශර්මාව පැහැර ගන්නවා (හරියට විරාට් කෝලීව පැහැරගත්තා වගේ තමා) මේ වගේ දෙයක් උනාම ඉන්දියාවේ ක්‍රිකට් රසිකයන් හැසිරෙන විදිය අමුතුවෙන් කියන්න ඒනි නැහැ නේ. කොහොම හරි ඩුබාහි පැවැත්වෙන අවසන් තරඟයට විරාජ් සෙල්ලම් කලේ නැත්නම් ලොකු ගැටළුවක් ඇති වෙනවා. ඉතින් මේ ගැන හොයන්න මේ අයට පැය 36ක් හරියටම තියනවා. විරාජ්ව කොහේද හංඟලා තිබ්බේ කියලා හොයාගන්න. ඒකට ඉන්දියාවේ ඉදන් රහස් පරික්ෂක වරයෙක් යනවා ඔව් තමයි කබීර්.. කබීර් අමුතුම විදියට වැඩ කරන කෙනෙක්. ඔහුට එහේදි තමයි ජුනයිඩ් ව හම්බවෙන්නේ... මොවුන් දෙන්නා එකතු වෙලා විරාජ්ව හොයන්න යන මෙහෙයුම තමයි චිත්‍ර‍පටිය පුරාවට තියෙන්නේ. මේ මගේ පලවෙනි සබ් එක ඉතින් වැරැදි ඇතොත් සමාවෙන්න කියලා ඉල්ලන ගමන් තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙන තුරු සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.