Jigariyaa (2014) සිංහල උපසිරැසි සමඟින්




2014 වසරේ තිරඟත වුවත් තවමත් රුපවාහිනියේවත් විකාශය වෙලා නැති කතාවක් තමයි අරන් ආවේ... මේක 1980 සිදුවුන සත්‍ය ආදර කතාවක් අලලා නිර්මාණය වුන සිනමා සිත්තමක්. මෙහි සේරම අලුත් මුහුණු තමයි තියෙන්නේ. එකත් ඇත්තටම විශේෂත්වයක් වේවි මොකද කතාව ඇත්තටම විද ගැනිමට එය මනා රුකලක් වේවි. ඔය උඩින් තියන ට්‍රේලර් එක ලෝඩ් වෙන්න දාලාම කතාව කියවමුකෝ...

ශම්මු බොහෝම සැහැල්ලුවෙන් ජිවිතේ ගත කරන තරුණයෙක්. මොහුගේ තාත්තාට රසකැවිලි කඩයක් තියනවා. තාත්තා කොච්චර උගන්වන්න උත්සහා කලත් ශම්මු නම් ඉගෙන ගන්නේ නැහැ. දවසේම යාළුවෝ එක්ක රස්තියාදු ගහනවා. අඩුම ගානේ තාත්තා ගේ කඩේට ඇවිල්ලාවත් උදව්වක් දෙන්නේ නැහැ. කොහොම හරි දිනක් අහම්බෙන් වගේ තරුණියක් ඔහුට දකින්න ලැබෙනවා ඇය තමයි රාධිකා. පළමු බැල්මෙන්ම ශම්මුට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. නමුත් රාධිකාව කැමැති කරගන්න ලේසි වෙන්නේ නැහැ. ( දැන් බලනවා ඇති මේක මේ හැමදාම අහලා පුරුදු ආදර කතාවක් නොවැ කියලා. මං කිව්වා නේ මේක සත්‍ය ආදර කතාවක් කියාලා! ) කොහොම හරි රාධිකාව කැමැති කරගන්න ශම්මුට පුලුවන් වෙනවා. නමුත් රාධිකාගේ ගෙදරින් මේකට තරයේම අකමැති වෙනවා... මේ ආදරවන්තයෝ දෙන්නාට එක් වෙන්න අවස්ථාවක් ලැබෙන හැම වේලාවේම මොකක් හරි කරුමයක් කඩාපාත් වෙනවා. නමුත් මේ දෙන්නාගේ ආදරය නම් නැතිවෙලා යන්නේ නැහැ.....

සමාන්‍ය ෆිල්ම් වල තියන ලව් ස්ටොරි වල අන්තිමට කොල්ලා හැමෝටම ගහලා කෙල්ලව අරන් යනවා නේ. නමුත් ඇත්ත ආදර කතාවල අවසානය ඇත්තටම සුන්දරද? ඒ ආදරය අපිට හැබැවටම ලැබෙනවාද? සැබැ ආදර කතාවල ආදරයට වඩා විරහාව වැඩියි නේද? අවසානයේ උරුම වන්නෙත් විරහමය නොවේද? ශම්මු හා රාධාගේ අමරණිය වෙන්න හේතුවක් තියෙන්න එපැයි නේ.... ඉතින් ඒ ආදර කතාව බලන්න ආරාධනා කරන ගමන් තවත් චිත්‍ර‍පටියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා..... ෆිල්ම් එක බලන්න දෙපාරක් හිතන්න එපා මං කොහොමත් සවුත්තු පරණ ෆිල්ම් මේ වෙනකම් දිලා නැහැ නේ. දුන්නොත් ආයේ ටොප් ක්ලාස් එකක් තමයි. එහෙනම් ගිහින් එන්නම්.... 




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.