Now You See Me 2 (2016) සිංහල උපසිරැසි සමඟින්




නව් යූ සී මී 1 බැලුවා නම් කතාවේ තේමාව ගැන කියන්න ඕන නෑ. බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මොකද මමත් හරිම ආසාවෙන් බලපු චිත්‍ර‍පටයක් ඒක. දකින හැමදේම ඇත්ත නෙවෙයි. ඒක මේ චිත්‍ර‍පටියෙනුත් පෙන්වලා දෙනවා. සමහරවිට අපි හිතුවෙවත් නැති දෙයක් ඇත්ත වෙන්න පුලුවන්. ඇත්ත බොරුව වෙන්න පුලුවන්.

මේ වසරේ ජුනි 10 ඇමරිකාවේ තිරගතවීම අරඹපු මේ චිත්‍ර‍පටයට වියදම විතරක් ඇ.ඩො.මි. 90ක් වියදම් කරලා තියෙනවා.හෝස්මන්ලා හතර දෙනා නැවත අලුත් වැඩකට අත ගහනවා. මේ සැරේ තාක්ෂණික සමාගමක දුරකථනයක් නිකුත් කිරීම් උත්සවයක් කණපිට ගහන්න සැරසෙනවා. ලේසි වෙන්නේ නෑ වැඩේ. හැබැයි අති දක්ෂ විදියට ඔවුන් ඒක කරගෙන යනවා. නමුත් හදිසියේම FBI එකෙන් එතනට කඩා පාත් වෙනවා. ඔවුන් අසුවෙන්න ඔන්න මෙන්න තියලා බේරෙන්න පලා යනවා සැලසුම් කරපු තැනට. එතනට යන්න තියෙන්නේ බටයක් දිගේ. බටයෙන් එලියට එද්දි ඔවුන් ඉන්නේ ඇමරිකාවේ නෙවෙයි. චීනයේ! ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නම වෙන අපූරු මැජික් ටිකකින් ඇස් ආපහු සැරයක් රවටවන්න නිර්මාපකයන් සමත්වෙලා තියෙනවා. කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නැත්තේ ඔයා අනිවාර්යෙන්ම බලනවා කියලා දන්න නිසයි!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍රපටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.