The Boy in the Striped Pyjamas (2008) සිංහල උපසිරැසි සමඟින්



Mark Herman විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය 2008 වසරේ එලිදැක්වුවක්. මේ චිත්‍ර‍පටිය විවිධ සම්මාන උලෙලවල් 7ක් සදහා නිර්දේෂ වි ඇති අතර ඒ හතනේම සම්මාන හිමි කරගන්නට මේ චිත්‍ර‍පටිය සමත්වුනා. මෙහ් ප්‍ර‍ධාන චරිත ලෙස Vera Farmiga (කන්ජරින් චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නිළිය) David Thewlis රංගනයෙන් දායක වෙනවා. දෙවැනි ලෝක යුද්ධ සමයේ සිදුවෙන සංවේදි කතාවක් තමයි මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නේ.

කතාව ගැන කිව්වොත් බෘනෝ කියන්නේ අවුරුදු 8ක ළමයෙක්. මොහුගේ තාත්තා හිට්ලර්ගේ හමුදාවේ ඉහළ නිලයක් දරණ කෙනෙක්. කොහොම හරි මොහුට උසස්විමක් ලැබෙනවා එක්තරා පලාතක. මේ ගමන ගැන බෘනෝ ඉන්නේ හිත් අමනාපෙන්. මේ අලුත් පරිසරයේ ඔවුන් හුදකලා වෙලා වගේ ඉන්නේ. දිනක් බෘනෝ ගේ පිටිපස්සේ තියන කැලැවෙන් ඇතට ඇවිදගෙන යද්දි විශාල වැටක් දකිනවා... මේ වැටෙන් එහා පැත්තේ බෘනෝගේම වයස විතර ළමයෙක් ඉන්නවා දකිනවා. ටික දිනකින්ම මේ දෙන්නා හොද මිතුරන් වෙනවා... මෙතැනින් එහාට සිදුවෙන කතාන්දරය ඔබට බලන්න බාරයි. මේ චිත්‍ර‍පටියේ අවසානය නම් ඉතාමත් සංවේදි කියලාත් මතක් කරන ගමන් තවත් චිත්‍ර‍පටියක් සමඟ හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. 



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BRRIP පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.