Agneepath (2012) සිංහල උපසිරැසි සමගින්


ඔන්න අලුත් අවුරුද්දට කොහෙවත් සිංහලෙන් දාලා නැති අලුත්ම ෆිල්ම් එකක් එක්ක මම ආවා.මේ මගේ නවවන උපසිරැසි ගැන්විම.හොද හිංදි චිත්‍රපටයක් ලැබුනොත් ඉතින් මම අතහරින්නේ නෑ නේ.ඒ නිසා ඔන්න උපසිරැසි කරලාම ඔයාලට දුන්නා.කලින් ඩවුන්ලොඩ් කරගන්න ෆිල්ම් එක දුන්න නිසා සබ් එක ලැබුන ගමන් බලන්න පුලුවන් වේවි.හරි එහෙනම් මම චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කියන්නම්.ටිකක් දරුණු ගනයේ කතාවක් කියන්න පුලුවන්.මේක 1990 දි නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ නැවත නිර්මාණය කිරිමක්.1990 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපැවේ අම්තාබ් බච්චන් විසින්.අද 2012 නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ
එම චරිතය අගපාන්නේ රිතික් රෝෂන් විසිනි.කතාව කෙටියෙන් මේසේය ඉන්දියාවේ පොඩ් ගම්මානයක් තියනවා මාන්ද්වාකියලා මේ ගමේ ගුරුවරයෙක් ඉන්නවා.මේ ගුරුවරයා ගමේ ජනතාව යහමගට අරන් කීර්තියක් දිනා සිටින කෙනෙක්.මේ ගමට කාන්චා නැමති පුද්ගලයෙක් පැමිනේනවා.මොහු ගමේ ගම්මුලාදැනියාගේ පුතා.මොහු ඇවිත් ගමේ මත්ද්‍රව්‍ය ජවාරමක් පටන් ගැනිමට යනවා.මේකට අර ගුරුවරයා බධාපමුණුවනවා.අවසානයේ කාන්චා නැමති පුද්ගලයා මේ ගුරුවරයා නොකරපු වරදකට හසු කරලා ගම් වැසියන් ඉස්සරහාම මරා දමනවා.මේ ගුරුවරයාගේ පුතා මේ සිදුවිම් සේරම විදදරාගෙන අවසානයේ අවුරුදු 15කට පසු තම පලිය ගැනිමට සැරසෙනවා.මේම චිත්‍රපටයේ කාන්චා ගේ (දූෂ්ටයාගේ) චරිතයට පන පොවන්නේ සංජේ දත් විසින්.මම හිතන්නේ ඔහු සැහෙන්න දුරට ඒ චරිතෙට සධාරණයක් ඉටු කරනවා.මිට අමතරවමේම චිත්‍රපටයේ රිතික් රොෂන්,ප්‍රියංකා චොප්රා,ඔම් පුරි,රිෂි කපුර් වැනි නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් ඔයාලත් බලලා හොද නරක කියලා යන්න උපසිරැසි එක ගැන.ඒ වගේම හින්දි චිත්‍රපට තියනවා නම් සිංහල උපසිරැසි සමග බලන්න කැමති ඒ ගැනත් කියන්න.මම හිතන්නේ මම වැඩියෙන්ම උපසිරැසි දිලා තියෙන්නේ හිංදි චිත්‍රපටවලට තමයි.මෙම වෙබ් අඩවියෙන් හින්දි චිත්‍රපට ගොඩක් මම දිපුවා.ඉතින් ඔයාලට ඕන චිත්‍රපටයක් තිබ්බොත් ඒ ගැනත් සදහනක් කරලා යන්න අමතක කරන්න එපා.

උපසිරැසිකරණය - Punisher 

No comments

Powered by Blogger.