Rooftop Prince සම්පූර්ණ කතාමාලාවම සිංහල උපසිරැසි සමඟින්



මෙවර කතාමාලාවෙන්..
කාලෙකට පස්සෙ තවත් කතාවක් අරන් ආවා. මම මේක ගේන්න ගොඩක් කල් ගියත් ඒ අතරෙ නිව් ෆෝල්ඩර් කණ්ඩායම ඔයාලට හොඳ සීරිස් කීපයක්ම දීලා තිබුනු බව මම දැක්කා. මමත් අද අරන් ආවෙ එයාලා දුන්නු එයා වගේම හොඳ ආදර කතාවක්. ආදර කතාවක් කිව්වට හැමදාම ආදර කතාම දෙන්න බෑනෙ. ඒ වගේම ඒවා‍ නොදීත් බෑ. ඒ නිසා ආදරය පැත්තට බර වෙන පැත්තකට යොමුවුනු කතාවක් තමයි අරගෙන ආවෙ. ඔයාලා දන්නවා ඇති ‍ජෝසෙන් සමය ගැන. ඔව් ඔව්, ඔය ටීවි එකේ යන කාලෙ ගැන තමයි කියන්නෙ. මේ කතාව පටන් ගන්නෙ ඔය ජෝසෙන් කාලයෙදි, ඒ කියන්නෙ දැනට වඩා අවුරුදු 400කට විතර කලින්. නිදාගෙන කිරුළ හිමි කුම‍ාරයා නැගිටලා බලනකොට තමන්ගෙ කුමරිය නෑ. එයාව හොයන්න ගියාම දැනගන්නවා එයා මැරිලා කියලා. දුක වැඩි නිසාම කුමාරයා හිතාගන්නවා මේකට පළිය ගන්නවා කියලා. ඒ නිසා රහසින්ම තව අපරාධ විසඳන්න දක්ෂ තුන්දෙනෙක් එකතු කරගෙන අභිරහස විසඳන්න පිටත් වෙනවා. මෙයාලගෙ පස්සෙන් අපරාධකාරයො, මැරයො වගයක් එවනවා. එයාලගෙන් බේරෙන්න පැනලා යනකොට මොකක්හරි බලවේගයකින් මෙයාලව අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වුනු හතර දෙනා මතුවෙන්නෙ ගෙදරකදි. ඒ අපේ කාලෙදි. ඒ ගෙදර ඉන්නෙ එක ගෑණූළමයෙක් විතරයි. එයාටත් ලොකු දෙයක් වුනු නිසා තමයි එයා මේ ගෙදරට ආවෙ. මෙතනින් පස්සෙ තමයි කතාවෙ හොඳ හරිය, නැත්තම් කම්මැලි හරිය ඉවර වෙන්නෙ. ගොඩක් විහිළු තැන් ඔයාලට බලාගන්න පුළුවන් මොකද මෙයාලා තාම මේ ලෝකෙට හුරු වුනේ නැති නිසා. තව මේ කුමාරයට මේ ලෝකෙදි කුමරියව ආයෙත් මුණ ගැහෙනවා වගේම කුමාරයා වගේම කෙනෙකුත් ‍මුණ ගැහෙනවා. කොහොමද එහෙම වෙන්නෙ? මේ පුනරුප්පත්තියක්ද? ඇයි එයාලා මේ කාලෙට ආවෙ? ආයෙ ගෙදර යන්නෙ කොහොමද? කවුද මේ අපි වැටුනු ගෙදර අයිතිකාරි? මේවා තමයි ඒ හතර දෙනාටත් තිබුනු ප්‍රශ්න. මේවා ඔයාලටත් ප්‍රශ්න වේවි. මේ කතාව පුරාවට මෙයාලා කරන්නෙ ඒ ප්‍රශ්න වලට උත්තර ‍හොයාගන්න එක. ඔයාලත් මෙයාලා එක්කම ඒ ප්‍රශ්න වලට උත්තර හොයලා දැනගන්න. මම යි හෙඩ්ස් යි මේක දෙන්න හිතුවෙ කොටස් විදියට. ඒත් මේක පළ කරන්න හිතුවට වඩා කල් ගියපු නිසා එකපාරට දෙන්න හිතුවා. ඉක්මනටම තව කතාවකින් එන්නත් බලාපොරොත්තු වෙනවා. මට කියන්න තියෙන්නෙ මේක අරගෙන බැලුවොත් ඔයාලා පසුතැවෙන්නෙ නෑ කියලා. එහෙනම් කතාව ඇති. ඉක්මනට අරගෙන බලන්න. මම ඉක්මනට තව කතා මාලාවකින් හම්බවෙන්නම්. ජය වේවා!


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.




No comments

Powered by Blogger.