The Girl with the Dragon Tattoo (2011) සිංහල උපසිරැසි සමගින්



ඔන්න මම තවත් වටිනා සිනමා නිර්මාණයක් අරන් ආව.මේ චිත්‍රපටය ගැන හුගක් අය අනිවාර්යෙන් අහලා ඇති.මමත් මේකේ පොඩි සරාශයක් ගැන කියන්නම්.මේකේ ප්‍රධාන චරිතක් වන මයිකල් ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න ඩැනියල් ක්‍රෙග්.මොහු මයිකල් වාර්තාකාරයෙක් විදියට තමා වැඩ කටයුතු කරන්නේ.අවුරුදු 40 කට කලින් සිදුවූ ධනවත් තරුණියකගේ අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් මෙයා පර්යේෂණ කරගෙන යනවා.එහිදි ඔහුට තවත් තරුණියක් හමුවෙනවා.ඇය එලිසබෙත් සැලැන්ඩර් ඇය හා එකතුව මොහු මේ පටලැවිල්ල ලිහා ගන්න බලනවා.ඒ අතර ඔවුන්ද විවිධ කරදර වලට මූණ දෙනවා.මේ සේරම මොනාද කියලා බලාගන්න ඔබ චිත්‍රපටිය නරඔන්නම වෙනවා.වයස 18ට වැඩි නම් මේ චිත්‍රපටය අනිවාර්යෙන් නරඔන්න ඔබේ චිත්‍රපට ගොන්නට එක්කර ගන්න.ආයේත් තවත් හොද චිත්‍රපටයක් එක්ක Zoom තුලින් හමුවිමේ බලා පොරොත්තුවෙන් සමුගන්නවා.හැමෝටම සූභ දවසක් පතාගෙන.

උපසිරැසිකරණය - tharaka

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

No comments

Powered by Blogger.