Sherlock Holmes (2009) සිංහල උපසිරැසි සමගින්
කොහොමද කට්ටිය මම නම් හුගක් කාලේකට පස්සේ උපසිරැසි එකක් දාන්න ලැබුනේ.මේ මගේ තෙවැනි උපසිරැසි ගැන්විම.දැනටමත් සමහර විට හුගක් අය මේක බලලා ඇති.නොබලපු අය වෙනුවෙන් හරි ආපහු බලන්න ආස හිතුන කෙනෙක්ට හරි ඔන්න මම මේකට උපසිරැසි දැම්මා.මේක උපසිරැසි ඉල්ලිමක් මත දැමුනු උපසිරැසි එකක්.Zoom.lk FB Fan page එකේ යාලුවෙක් වගේම උපසිරැසි ඉල්ලිම් තිරුවෙත් මෙම චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා තිබුනා මතකයි.කොහොමත් මේම චිත්‍රපටියේ දෙවැනි එක ලගදිම උපසිරැසි එක්ක අපේ යාලුවෙක් දෙනවනේ.ඉතින් දෙවැනි එක බලන්න පලවෙනි එක බලලා ඉන්නම ඕන නේ.මේකේ උපසිරැසි දාන එක නම් ඇත්තටම අභියෝගයක් උනා.මොකද මේ වගේ චිත්‍රපටියකට බොහොම පරිස්සමින් උපසිරැසි දාන්න ඕන.ෂර්ලොක් හෝම්ස් කරන පොඩි විහිලු හරියට හිනා රසය එන්න දාන්නත් ඕනනේ. මම හිතන්නේ මම එකට උපරිම සාධාරණයක් කලා කියලා හිතනවා.ඔයාලා එහෙනම් බලලා අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.පුලුවන් නම් කවුරු හරි යාලුවෙක් මිට වඩා පොඩි සයිස් කොපි එකක් හම්බුනොත් ඇඩිමින්ට එක දන්වලා යවන්න.එහෙනම් ෂර්ලොක් හෝම්ස් ගේ චිත්‍රපටිය ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ.මොකද එකේ රසය නැති කරන්න ඕන නැති නිසා.එහෙනම් අරන් බලන්න.තව හොද චිත්‍රපටයකට උපසිරැසියක් අරන් එන්නම් එහෙනම්.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ
Angel_Senuri විසිනි


Leave a Comment