Coming Soon (2008) සිංහල උපශ්‍රීර්ෂ සමඟ




මගේ 9 වන උපසි‍රැසිය ලෙස අරගෙන ආවේ තායි Horror චිත්‍රපටියක්.Shutter,Alone,4bia වැනි හොල්මන් චිත්‍රපට නිෂ්පාදනය කරපු අයගේ ඊළග චිත්‍රපටය ලෙස මෙය හදුන්වන්න පුලුවන්.හොලිවුඩ් චිත්‍රපටවලට වඩා තායි චිත්‍රපටවල මනා තාත්වික බවක් අපට දකින්න පුළුවන් වීම විශේෂත්වයකි .මේ ‍ෆිල්ම් එක බාගෙන දැන් ගොඩක් කල් වෙනවා,හැබැයි ‍ෆිල්ම් එක බලන්න හම්බුණෙනම් ලගදි,ඔන්න බලලා ‍ෆිල්ම් එක හොද නිසා සිංහල උපසි‍රැසි සමගම මම අරගෙන ආවා.දැන් අපි චිත්‍රපටිය දෙසට හැරෙමු. චබා කියන්නේ උමතු වූ ගැහැණියක්,ඇය ගමේ ඉන්න ළමුන්ව පැහැරගෙන ඔවුන්ගේ ඇස් උගුල්ලලා දානවා,එක දවසක චබාගේ නවාතැනට ගමේ අය පැනලා ළමයින්ව බේරගෙන චබාව මරන්න එල්ලනවා.චබාගේ කතාව ඇතුළත් චිත්‍රපටයක් යම් කිසි කණ්ඩායමක් විසින් නිර්මාණය කරනවා.මේ චිත්‍රපටයේ චබාගේ චරිතය රගදක්වන්නේ ඉන්ග්චෑන් කියලා නිලියක්,නිෂ්පාදක කණ්ඩායම අතින් සිදුවූ අත්වැ‍රැද්දක් නිසා ඉන්ග්චෑන් මරණයට පත්වෙනවා,ඔවුන් නිර්මාණය කරපු චිත්‍රපටිය ඔවුන්ට මෙන්ම එරට ප්‍රේක්ෂකයන්ටද බලන්න පුළුවන් වෙයිද? බලලා යහතින් ඉන්න හැකිවෙයිද? චබා ද මියගිහින් ඇත්තේ චබාගේ චරිතය රගපාන ඉන්ග්චෑන් ද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මේ චිත්‍රපටිය ඔබටත් නරඹන්න වෙනවා. මෙහි සම්පූර්ණ ධාවන කාලය මිනිත්තු 95යි.IMDb Ratings වල 6.1/10 අගයක් මෙය ලබාගෙන තියෙනවා. එක දෙයක් කියන්න තියෙනවා,මේ ‍ෆිල්ම් එක බලද්දි නම් තනියෙන් එහෙම බලන්න එපා.(විශේෂයෙන් හදිසි කම්පන හා ඉක්මනින් හිත සසල වන පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න.) ‍ෆිල්ම් එක බලලා හොද නරක කියන්නත් අමතක කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.තවත් චිත්‍රපටයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.ඔබට සුභ දවසක්. 
සැ.යු - චිත්‍රපටයේ එන චරිතවල නම් වෙන් කර හදුනාගැනීමේ පහසුව තකා එම නම් ඉංග්‍රිසියෙන්ම දමා ඇති බව සලකන්න. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen විසිනි

සිංහල උපසිරැසි හා චිත්‍රපටය ලබාගැනිමට මෙතනින් පිවිසෙන්න

No comments

Powered by Blogger.