G.I Joe: The Rise of Cobra (2009) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න මේ මගේ 6වැනි උපසිරැසි ගැන්විම.මේකේ දෙවැනි චිත්‍රපටිය ලගදිම එන්න තියනවනේ.ඉතින් දෙවැනි එක බලන්න කලින් අනිවාර්යෙන් පලවෙනි එක බලලා ඉන්න ඕනනනේ.එකට සිංහල සබ් එක්කම බලන්න තිබ්බා නම් තවත් හොදයිනේ නේද...මේ චිත්‍රපටිය නිකුත් උනේ 2009 වර්ශයේ.මේ ෆිල්ම් එක නම් සුපිරිම වර්ගයේ එකක්.නැරඹූවේ නැත්නම් අදම බලන්න.මේක ආව කලේම උපසිරැසි දෙන්න සූම් සයිට් එක ඒ කාලේ තිබුනේ නෑ නේ.නැත්නම් මේක මගහරින්නේ නැතුවම සිංහල උපසිරැසි දෙන්න තිබ්බා.හරි කමක් නෑ දැන් හරි ඔන්න සිංහල උපසිරැසි එක්ක ඔයාලට මේක බලන්න පුලුවන්. චිත්‍රපටියේ කතාව මේකයි ජි අයි ජෝ කාටුන් එක කට්ටිය බලලා තියනවද එහෙනම් දන්නවා ඇතිනේ ජී අයි ජෝ කියන්නේ මොනවගේ කට්ටියක්ද කියලා.මෙයාලා හමුදාවෙම වෙනම කට්ටියක්.මෙයාලා ගාව සුපිරි අවි ආයුධ වගේම අනෙක් හමුදාවේ සෙබලුන්ට වඩා හැම අතින්ම ශක්තිමත් බලවත්.මෙයාලට මේ කතාවේ හැටියට ඇමරිකාවේ හදපු න්‍යෂ්ටික අවියක් හොරුන් වගයක් පැහැර ගන්නවා.එක ආපහු හොරුන්ගෙන් බේරගන්න වගේම එකෙන් කාටවත් කරදරයක් නොවි අරන් එන්න තමයි තියෙන්නේ.ඒක කරන්න මේ ජි අයි ජෝ සෙබලුන්ට හැකිවෙයිද කියලා කතාව අරගෙනම බලන්න.මේ වගේ කතා ගැන වැඩිය විස්තර කරන්න හොද නෑ නේ ඒ නිසා අරන් බලන්න. මේ ෆිල්ම් එකේ උපසිරැසි දාන්න මම ශේනාලි වත් එකතු කරගත්තා.එක නිසා අපි දෙන්නා එකතු වෙලා දවස් 1 1/2 කින් වගේ වැඩේ ඉවර කලා.එයා උදව් කලේ නැත්නම් මේක දෙන්න තව දවස් දෙක තුනක් වත් යන්න තිබ්බා.එහෙනම් කට්ටියම ෆිල්ම් එක අරගන්නවා වගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා.ගිහින් එන්නම් එහෙනම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේනාලි ගෝමස් සහ Angel_Senuri විසිනි.

2 comments:

  1. නියමයි මචෝ ... උඹල දැන් දිගටම සිංහල සබ් එක්ක ෆිල්ම්ස් දෙනවා...
    මම නිතරම ගත්තත් අද තමයි කමෙන්ට් කරන්නේ...
    ජයවේවා .....

    ReplyDelete
  2. බොහොම ස්තූතියි අදහස් වලට

    ReplyDelete

Powered by Blogger.