Headhunters (2011) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


ඔන්න ඉතිං හැමෝටම ආයුබෝවන් කියල මගේ අළුත්ම උපසිරැසි නිර්මාණය ඔයාලත් එක්ක බෙදාහදා ගන්නයි මේ හදන්නේ. මේක මම Zoom.lk සයිබර් අවකාශය වෙනුවෙන්ම නිර්මාණය කරන මගේ 10 වෙනි නිර්මාණය. ඒකෙදි වෙනසක් කරන්න ඕනේ නිසා අපේ HEDZ මට බාරදුන්න මැක්සම මැක්සා නොර්වීජියානු චිත්‍රපටියක් තමයි ගෙනාවේ. මේකේදී මම උපසිරැසි යෙදීමට හසිතා මහේෂි කපුගමගේ සහෝදරියගේ දායකත්වයත් ලබා ගත්තා. මේක මම අපේ උපසිරැසි කණ්ඩායමේ තව කෙනෙක් එක්ක එකතු වෙලා කරන පළවෙනි නිර්මාණය. චිත්‍රපටියෙන් බාගයකට උපසිරැසි යොදලා ලබාදුන්න සහයෝගයට මහේෂිට මගේ අවංක ස්තූතිය පිරිනමනවා.මේ චිත්‍රපටියේ IMdb Rating7.5/10ක ඉතා ඉහල අගයක් අරගෙන තියෙනවා. දැන් ඉතින් අපේ විස්තර ඇතිනේ ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කියනවනම් රොජර් බ්‍රවුන් වැඩකරන්නේ නොර්වේ වල ගොඩක් ශක්තිමත් ඉහල තනතුරු සඳහා පුද්ගලයන් සොයන(Headhunters) ආයතනයකයි.මේ හැම දෙයක්ම ඔහු කරන්නේ ඔහුගේ පමණටත් වඩා ඉක්මවා යන ජීවන රටාවට සහය වීම පිණිසයි. ඒ වගේම එයාගේ යාළුවා වන ඕ‍වේත් එක්ක එකතු වෙලා ඔහු චිත්‍ර හොරෙක් විදියටත් කටයුතු කරනවා.ඔවුන් චිත්‍රවල මුල් පිටපත වෙනුවට හොර එකක් යොදලා මේ හොරකම කරනවා.ඔහු‍ට පිටතින් එන බොරු තර්ජන ප්‍රසිද්ධිය ගොඩනගා ගන්න යොදා ගන්නවා. ඒ වගේම ඔහුට ලොටී කියන තරුණියත් සමග අනියම් සම්ඩන්ධයකුත තියෙනවා.ඒකට හේතුව ඔහුගේ බිරිඳ වන ඩයනාට ඔවුන්ගේ පවුල් ජීවිතේදි දරුවෙක් අවශ්‍ය උනත් රොජර් එයට කැමති නොවීමත් ඒ හේතුව මත ඇතිවන විරසක වීම නිසයි. ආ තව පොඩ්ඩෙන් මුළු කතාවම කියනවා. මේ චිත්‍රපටියේ රොජර්ට ඉදිරියේදී මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද? ඒවයෙන් ඔහුට බේරෙන්න පුළුවන් වෙයිද? කියලා චිත්‍රපටිය බාගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni සහ *maheshi* විසිනි.

සිංහල උපසිරැසි හා චිත්‍රපටය ලබාගැනිමට මෙතනින් පිවිසෙන්න

No comments

Powered by Blogger.