The Invisible(2007) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණ වුණාට මමනම් හිතන්නේ නැහැ වැඩිදෙනෙක් මේක බලලා ඇති කියලා.එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කෝ... නික් පවෙල් කියන්නේ දක්ෂ උසස් විද්යාල සිසුවෙක්. ඔහු තමගේ පාසල් මිතුරන්ට ගෙදරවැඩ, ප්‍රශ්නවලට ආධාල පිළිතුරු සහිත නිබන්ධන විකිණිමෙන් මුදල් උපයගත්තා.ඔහුගේ ඉලක්කය උනේ ලන්ඩන් වල තියෙන කතුවරයින්ගේ පාඨමාලාවකට සහභාගිවීමටයි. ඒ ගැන ඔහු ඔහුගේ හොඳම මිතුරා පීට්ට කියනවා. ඇනී නිවුටන් කියන කෙල්ලට පීට් සමඟ ප්‍රශ්නයක් තිබ්බා.ඔහු ඇයගෙන් ණයට මුදල් අරගෙන තිබුණා.ඇනී රත්‍රන් බඩු හොරකමකට අසුවෙනවා . ඒක නික් කලබවට පීට් ඇනීට කියනවා, ඉන්පසු ඇනී සහ ඇයගේ ගැන්සිය එකතුවි නික්ට හොඳටම ගහනවා.පසුව ඔහුගේ සිරුර කාණුවකට දානවා.ඒත් ඔහු මැරෙන්නේ නැහැ.පස්සේ දවසේ නික් වටහාගන්නවා ඔහුව කාටවත්ම පෙනෙන්නේ නැහැ කියලා.ඒ කියන්නේ ඔහුගේ ආත්මය තමයි හැම තැනම සැරිසරන්නේ.නික්ගේ ආත්මය දැඩි වෙහෙසක් ගන්නවා ඔහුගේ සිරුර තියෙන තැන පොලිසියට හා අනෙකුත් අයට පෙන්වන්න,ඔයාලා මොකද හිතන්නේ? නික්ට තමන්ගේ ජිවිතය බේරගන්න පුළුවන්වෙයිද? ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි.

No comments

Powered by Blogger.