Miami Vice (2006) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ ෆිල්ම් එක ඇත්තටම දෙන්න හිටියේ මිට අවුරුද්දකට විතර කලින්.මම Sucker Punch චිත්‍රපටියට පස්සේ මේක දෙන්න උන්නේ.එත් මේකේ බාගයක් දාගෙන යද්දි මගේ මැෂින් එක කැඩුනා.පස්සේ එක හදාගත්තත් මේ චිත්‍රපටියට සබ් දාන්න තිබ්බ එක එහෙමම මගහැරිලා ගියා.ලගදි මේක ආපහු මගේ අතට හම්බුනාම මම හිතුවා මේක කරලා දානවා කියලා.එකට අපේ සයිට් එකේ තවත් යාලුවෙක් පොඩ් හෙල්ප් එකක් දුන්නා.ඒ තමා ඉසුරු.ඉසුරු කිව්වට කවුරුත් දන්න එකක් නෑ නේ.කොපර් කිව්වම දන්නවා ඇති.ඉතින් මේකේ ලයින් 600ක් වගේ තැනින් තැන මම දාපු එක හරියට හදලා ඉවර කරලා එව්වා.ඔන්න ඕකයි මේක සබ් දාන්න පටන් ගත්ත කතාව දැන් චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් විතර කියන්නම්.. මේක 2006 ආපු සුපිරි ගනයේ චිත්‍රපටියක්.කොලිෆැරල් හා ජේමි ෆොක්ස් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා.මොවුන් මියාමි පොලිස් ඔත්තු සේවයට වැඩ කරන්නේ.මොවුන් දෙන්නා මත්ද්‍රව්‍ය මිලදි ගන්නන් ලෙස වෙස් ගන්වා ජාවාරම් කාරයෝ අතරට යවන්න පොලිසිය කටයුතු කරනවා.එහෙම කරලා මත්ද්‍රව්‍ය ජවාරම්කාරයන්ව කොටු කරගන්න.මොවුන්ට එම කාර්යය කරන්න හැකිවෙයිද කියලා කතාව බලලම දැනගන්න.මේකේ පොඩි පොඩි එව්වා මෙව්වා ටිකක් තියන නිසා ලොකු අය බැලුවොත් තමා හොද.ලොකු පොඩ්ඩෝ බැලුවත් කමක් නෑ.එහෙනම් ඔන් අපි ගියා.සබ් එක අරන් ෆිල්ම් එක බලලා මොනා හරි කොටලා යන්නකෝ එහෙනම්..තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මට ෆිල්ම් එක අරන් එක ආයේ අප්ලොඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් ටික දිපු DarKByte යාලුවාටත් ස්තුති වෙන්න ඕන.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) සහ ඉසුරු නිලංක(Copper) විසිනි.

සිංහල උපසිරැසි හා චිත්‍රපටය ලබාගැනිමට මෙතනින් පිවිසෙන්න 

No comments

Powered by Blogger.