You Got Served: Beat The World (2011) සිංහල උපශ්‍රීර්ෂ සමඟ




ඔන්න අද ගෙනාවේ අපේ නටන කොල්ලොන්ට හරියන එකක්. ඔයගොල්ලෝ හැමෝම බලලා ඇතිනේ Step Up බයිස්කෝප් සෙට් එක. මේකත් ඒ වගේ එකක් තමයි. මෙකත් කොටස් දෙකක් තියෙන ෆිල්ම් එකක්. මං මේ සබ් දැම්මේ දෙවෙනි කොටසට. මේක ගිය අවුරුද්දේ ආව පට්ට බයිස්කොප් එකක් තමයි. නටන්න කැමති කට්ටිය ඉන්නවා නම් අරගෙන බලන්න. හොද වැඩ කෑලි ටිකක් පුරුදු වෙන්න පුලුවන්නේ..මේකයි කතාව නම්. කොල්ලෝ සෙට් එකක් ඉන්නවා. එකක් නෙමි ගොඩක් ඉන්නවා. මේ ගොලන්ගේ මේ තරගයක් තියෙනවා අවුරුද්දකට සැරයක් කවුද හොදටම හිප්පොප් නටන්න පුලුවන් කණ්ඩායම තෝරන්න. එසේ මෙසේ තරගයක් නෙමී. ලෝක කුසලානයක්. ඉතිං තරගෙ දරුණුයි. හොදට පුරුදු වෙලා ගේමට බහින්න ඕනා. මේකේ ඉතිං කතා නායකයට තරගේ දිනන්න පුලුවන් වෙයිද කියලා ඉතිං ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනවා. ලස්සන කතාවක්. හැමෝටම බලන්න පුලවන්. ඔය කිස් කන කෑලි දෙක තුනක් තියෙනවා එච්චරය. වැඩිය මොකවත් නැහැ. අයුලක් නැතිව බලන්න පුලුවන්. එහෙනම් කැමති කට්ටිය අරගෙන බාගෙන යන්න. බාගෙන විතරක් යන්න එපා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොදේ. අහිංසක හිත්නේ......

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] විසිනි.

2 comments:

Powered by Blogger.