Zindagi Na Milegi Dobara (2011) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


ඔන්න මගේ දෙවැනි උපසි‍රැසි නිර්මාණයත් අරන් මං ආවා... මං දෙවැනි එක විදිහට දෙන්න යන්නෙ හින්දි චිත්‍රපටියක්.. මේක මං බලපු ලස්සනම චිත්‍රපටි වලින් එකක්.. ඉතින් මට හිතුනා මේකට උපසි‍රැසි දුන්නොත් හොදයි කියලා..මේකට දෙන්න විශේෂ හේතුවකුත් තියනවා මෙවර 13 වන iifa උලෙලේදි හොදම චිත්‍රපටිය - හොදම අධ්‍යක්ෂනය - හොදම තිරරචනය - හොදම සහය නළුවා ඇතුලු තවත් සම්මාන 8ක් මේ චිත්‍රපටය දිනාගත්තා. මේ චිත්‍රපටියෙ ලයින් 2000කට වඩා තිබුනා ඉතින් ටිකක් විතර කට්ට කාලා අවසානයේදි ඔන්න ඉවරකරා.. ඒ වගේම කියන්න ඕන මේක ගිය අවුරුද්දෙ ආපු චිත්‍රපටියක්.... ඉතින් චිත්‍රපටිය ගැන කියනවා නම් මේක IMDb හි 7.9 අගයක් ගන්නට සමත් වෙලා තියෙනවා.. ඒකෙන්ම තේරෙනවනෙ කොහොමද කියලා නේද..අපි කවුරුත් දන්න රිතික් රෝෂන්, කත්‍රිනා කයිෆ්, ෆර්හාන් අක්තාර් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. මේකේ කථාව ගැන කියනව නම් යාලුවෝ තුන් දෙනෙක් ස්කෝලෙ යන කාලෙ කතාකරගත්තු විදිහට පොඩි සවාරියක් යනවා එක් එක් කෙනා ‍තෝරගත්තු වික්‍රමාන්විත ක්‍රීඩාවන් කරන්න... මේ ගමන හින්දා මෙයාලගෙ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. ඒක වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ... මේක හින්දි චිත්‍රපටියක් කියලා නොබලා ඉන්න එපා බලන්න වටින චිත්‍රපටියක් කියන එකයි මගේ අදහස නම්... මේ චරිත අතර අනිවාර්යෙන් ඔයත් කොහේ හරි සැගවිලා ඇති එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම HEDZ සහෝදරයා දුන්න අසහයෝගයට ස්තූති කරමින් මං එහෙනම් යන්න යනවා.. මට යන්න අවසරයිනෙ... අමතක උනානෙ කමෙන්‍ටුවක් අනිවා දාන්න හොදද...තවත් නිර්මාණයක් සමගින් ඉක්මනටම හම්බෙමු.... එහෙනම් zoom එකට වගේම, හැමෝටම ජයවේවා!!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA විසිනි.

සිංහල උපසිරැසි හා චිත්‍රපටය ලබාගැනිමට මෙතනින් පිවිසෙන්න

No comments

Powered by Blogger.