Batman -The Dark Knight [2008] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



වසරක ලබාගත් වැඩිම ආදයම් වාර්ථාවට හිමිකම් කියූ චිත්‍රපටය ලෙස මෙය හදුන්වන්න පුළුවන්.මේ චිත්‍රපටිය හදන්න DC Comics ලගේ Batman කියන චරිතය තමයි පාදක වෙලා තියෙන්නේ.මෙහි බැට්මෑන්ගේ චරිතයට පණ පොවන්නේ කවුරුත් හදුනන Christian Bale විසින්.මෙහි සතුරා හෙවත් ජෝකර්ගේ චරිතයට පණපොවන්නේ Heath Ledger විසින්.මෙම චිත්‍රපටය IMdB Ratings වල 8.9 වැනි අගයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම ලෝකයේ හොදම චිත්‍රපටි අතර 8වන ස්ථානයට හිමිකම් කියන්නේද මේ චිත්‍රපටයයි.
ඒකෙන්ම තේරෙනවනේ ‍ෆිල්ම් එක කොහොමද කියලා.මෙම චිත්‍රපටය සදහා AFI සම්මානවල වසරේ හොදම චිත්‍රපටය බවට පත්වෙලා තියෙන අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම ශබ්ද සංස්කරණය හා හොදම සහය නළුවට හිමි සම්මාන ද ලබාගෙන තියෙනවා.මෙහි හොදම සහය නළුවට හිමි සම්මානය ලබාගෙන තියෙන්නේ ජෝකර්ගේ චරිතයට පණපෙවූ Heath Ledger විසින්.‍මෙම චිත්‍රපටය නිකුත් කරන්න මාස හයකට පෙර ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Heath Ledger හදිසියේ මිය ගියා,ඒ ඔහුට ලබා දුන් ඖෂධ වගයක් අධික ලෙස ශරීරගත වීම නිසාය.එම නිසා හොදම නළුවට හිමි ඔස්කාර් සම්මානය හිමිවුණා.ජෝකර් සැමවිටම හුදෙකලාවේ කටයුතු කරන නිසා බැට්මෑන්ට ඔහුව අල්ලගන්න අපහසු කාර්යයක් වුණා.ක්‍රියාදම ජවනිකා වලින් අඩුවක් නොමැති ත්‍රාසය,කුතුහලය පිරි විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක් ලෙස මෙය කිව හැකිය.කට්ටිය ‍ෆිල්ම් එක බලලා අදහසක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) සහ ඕෂාධ සෙනෙවිරත්න(..::SPARK::..) විසිනි

සිංහල උපසිරැසි හා චිත්‍රපටය ලබාගැනිමට මෙතනින් පිවිසෙන්න 

No comments

Powered by Blogger.