Van Helsing [2004] සිංහල උපසිරැසි සමගින්


කොහොමද යාළුවනේ?. මේ දවස් ටිකේ මට උපසිරැසි දෙන්න බැරිවුනානෙ. ගොඩක් අයට මේ උපසිරැසිය දෙනව කියල දුන්නෙ නැති නිසා යාළුවෝ තරහත් වෙලා ඇති නේද. මම පොඩ්ඩක් කාර්‍යබහුල වෙලයි හිටියේ. පුළු පුළුවන් විදියට උපසිරැසිය හදල ඔන්න අද ඔයාලට දෙනවා. ඒ වගේම යාළුවන්ට පොඩි දෙයකුත් කියන්න තියෙනවා. අපි මේ උපසිරැසි හදන්නෙ ඒව බලන ඔබ වෙනුවෙන් මිසක් වෙනයම් මූල්‍යමය අරමුණක් වෙනුවෙන් නෙවෙයි. මම හිතන්නෙ ඒක ඔයාල දන්නව ඇති.ඉතිං මහන්සියෙන් කරන අපේ නිර්මාණයට උදව්වක් වෙන්නෙ ඔයාලගෙ කමෙන්ට් එක ඒකත් ඔයාල දන්නව ඇති. සාමාන්‍යයෙන් මම හදන උපසිරැසියක් අඩුම ගානේ 1000ක් 2000ක් පන්නලා බාගත කරගත්ත පිරිස් ඉන්නවා. ඒත් කමෙන්ට් ලබාදෙන්නෙ හැමදාම කමෙන්ට් කරන අපේ යාළුවො ටික විතරයි. ඉතිං අපිට එහෙම ගියොත් කිසිම දිරියක් වෙන්නෙ නෑ. ඒක නිසා හැමදාම දෙන උපසිරැසිය බාගෙන යන්නෙ නැතුව ඔයාට හැගෙන දැනෙන හිතට එන ඕනම දෙයක් කමෙන්ට් එකකින් ප්‍රකාශ කරල යන්න නැත්නම් උපසිරැසි දෙන එකත් අපිට එපා වෙයි. ඒ කිව්වෙ තරහකට නෙවෙයි හොදේ!. එහෙනම් මම දැන් කතාවට බහිනවා. ඔයාල හැමෝම ඩ්‍රැක්‍යුලා දන්නව ඇති. අර ලේ බොන පිසාචයා තමයි!. ඒයා ගැන ඔයාල දන්නව නම් දන්නව ඇති එයාව මරන්න ගොඩක් අමාරුයි කියල. ඒ වගේම වැන් හෙල්සින් කියන්නෙ ඒ වගේ කරදර කාරයින්ගෙන් මිනිසුන් බෙරගන්න පොඩි කාලෙ ඉදන්ම පල්ලියේ හැදුනු වැඩුනු කෙනෙක්. ඒත් වැන් හෙල්සින්ට පොඩි අවුලක් තියෙනව. ඒක තමයි ඔහු කරන හැම හොද ක්‍රියාවක්ම අන්තිමට ඔහුටම නරකට හිටිනවා. මිනිස්සු බනිනවා වගේ දේවල්. ඉතිං කාලයත් එක්කම ඔහුට තවත් වීරක්‍රියාවක් කරන්න ලැබෙනවා ඒ තමයි ඩ්‍රැක්‍යුලා මරන එක හා ඔහුගෙ පැටව් විනාශ කරන එක. මේ කතාව පුරාවට ඇනිමේෂන් වලින් පෝෂණය වුනු සිද්ධීන් දකින්න පුළුවන්. ඒ වගේම ක්‍රියාදාම චිත්‍රපට වලට ආස අයටත් මේක හොද එකක් වෙයි. ෆිල්ම් එකේ නිශ්පාදන වගකීම අරන් තියෙන්නෙ Universal Pictures ආයතනයයි. ඒවගේම ඔයාලට තව දෙයක් කියන්න තියෙනව ඒක තමයි ඔයාලට BRRip හා DVDRip යන දෙකෙන්ම උපසිරැසි ගන්වලා තියෙනවා. ඔයාලා වඩාත් කැමති කොපියක් බාගත කරගෙන චිත්‍රපටය රසවිදින්න. එහෙනම් අපි බලමු වැන් හෙල්සින්ගෙ මේ වීරක්‍රියාව සථල වෙයිද කියල. යනකොට අනිවාරයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ හැමෝ‍ටම සුභ දවසක්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි



No comments

Powered by Blogger.