Chatur Singh Two Star (2011) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතිං මම ආයිත් ඔයාලට අළුත් අත්දැකීමක් එක්ක චිත්‍රපටයක් ගෙනාවා. හැබැයි මම මේ පොස්ට් එක ලිවුවට මේකේ නියම උරුමක්කාරයා අපේ අළුත් සාමාජිකයෙක්. මේක එයාගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. එයාගේ නම ඉසුරු මධුසංග පෙරේරා (Kim Prez).මම මේ උපසිරැසි නිර්මාණයේ සපෝටින් රෝල් එකක් විතරයි. මේකේ පූරෟණ අයිතිය ඉසුරු සතුයි. ඉතිං අපේ නැගී එන උපසිරැසි නිර්මාණ කරුවන්ව දිරිමත් කිරීමේ චේතනාවෙන් තමයි මම වැඩේට උදව් කලේ. දැන් ඉතිං වැඩිය වැල්වටාරම් නැතුව කතාවට බහිමුකෝ. මේක ගිය අවුරුද්දේ ඉන්දියාවේ තිරගත වෙච්ච මැක්සාම මැක්සා කොමඩියක්.කතාවේ හැටියට චාතූර් සිං(සන්ජය දත්) කියන්නේ ඉන්දියානු පොලිස් දෙපාර්තමේන්තුවට සේවය කරන මෝඩ පහේ රහස් පරීක්ෂකයෙක්. ඔහුට සහ ඔහුගේ ගෝලයාට දකුණු අප්‍රිකාවේ ඉන්න ඉන්දියානු මිනිමරුවෙක්ව අල්ලගෙන එන්න මෙහෙයුමක් භාර දෙනවා. මෙම මෙහෙයුම සිදුකරන අතරතුර ඔහුටත්, සගයටත් විවිධාකාරයේ හැලහැප්පීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මොවුන්ට තමන්ගේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ඒක කරන්න ඔවුන් මොනවගේ උපක්‍රම භාවිතා කරනවාද? කියල ෆිල්ම් එක බාගෙනම බලන්න කියනවා. සති අන්තයේ හොඳට විනෝදයෙන් ගතකරන අතරතුර බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා මම නිර්දේශ කරනවා. ආ තව දෙයක් ඉසුරුගේ මේ වැඩේට ශක්තියක් දෙන්නත් එක්ක කස්ටියම තමන්ගේ අදහස් ඵලකර යනමෙන් මා සැමටම ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni සහ Kim Prez විසිනි

1 comment:

  1. මෙහෙම සිංහල සබ් දෙනවට ගොඩක් ස්තුතියි.

    හිංදි සිනමාවත් ලංකාවෙ වාගෙම වෙලා තියෙන්නෙ.පරණ නාකි නළුවො තමයි තාමත් රඟපාන්නෙ.අලුත් මූණු ආවත් ‍ෆිල්ම් 1න් දෙකෙන් ඉවරයි.මේ වාගෙ එව්වට නැතුව හොඳ හොලිවුඩ්,ප්‍රංශ,ජර්මන් වාගෙ ‍ෆිල්ම් වලට සබ් දෙනවනම් ගොඩක් අගය කරණවා.

    ReplyDelete

Powered by Blogger.