Hijacked (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ




2012 වසරේ නිකුත් උන ඇක්ෂන් චිත්‍රපටි නරඹන ඔබ වෙනුවෙන්ම උපසිරැසි ගැන්වුන චිත්‍රපටියක් තමයි මේ සැරේ අරන් ආවේ.කතාවේ නම දැක්කමම කතාවේ වෙනවා ඇත්තේ මොන වගේ දෙයක්ද කියලා හිතාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.මේ චිත්‍රපටිය Action | Thriller වර්ගිකරණය යටතේ වර්ගිකරණය උන චිත්‍රපටියක්.ඒ වගේ චිත්‍රපටි නරඹන්න අප කවුරුත් ආස කරනවනේ.කතාවේ පොඩි හැදින්විමකුත් කරන්නම්. මෙහි කතා නායකයා, විශේෂ අපරාධ විමර්ෂන නියෝජිත රොස්, ඔහුගේ කලින් විවාහ ගිවිසගත් පෙම්වතිය සමඟ නැවත සමාදාන වීමට තීරණය කරනවා.නමුත් මෙවිට ඔහුට දැනගැනීමට ලැබෙනවා තමන්ගේ පෙම්වතිය පෞද්ගලික ජෙට් යානාවක ඒ වනවිටත් පියාසර කරන බව. ඒ අතරම ඔහුට තවත් බිය දනවන කාරණයක්ද දැනගන්න ලැබෙනවා. ඒ, ඔහු අල්ලාගැනීමට සිටි මැර කල්ලියද ඔහුගේ පෙම්වතිය ගමන්ගන්නා යානාව පැහැරගැනීමට ඉලක්ක කර ඇති බවයි.මෙය දැනගත් පසු රොස් කිසිවෙකුටත් දැන්වීමට පවා කාලය මිඩංගු නොකරම තනිවම තම පෙම්වතිය ඇතුළු යානය බේරා ගැනීම සඳහා ගමන් කරනවා.මෙම යානය හා තම පෙම්වතිය බේරා ගැනීමට ඔහු මොනයම් ආකාරයකට ක්‍රියා කරයිද? සියල්ල නතර කිරීමට ඔහුට තනිවම හැකිවේද? එහෙනම් චිත්‍රපටියේ උපසිරැසි අරන් රස විදලා හිතුන දේවල් ගැන අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.

උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) සහ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි

3 comments:

  1. මචං තරහා වෙන්න එපා 2012 එන එන ෆිල්ම්ස් වලට සබ් දෙන්න ගිහින් චා කර ගන්න එපා.ඇත්තටම මේ ෆිල්ම් එක අමු ගොන් නේ.මේ වෙලාව හොද පරණ ෆිල්ම් එකකට සබ් දෙන්න යොදා ගන්න.තේරුමක් ඇති ෆිල්ම්ස් වලට සබ් දෙන්න මේ වගේ එකක් කොහොමත් සබ් නැතුව උනත් බලපු ගමන් තේරෙනවා.හොද කතාවක් තියෙන ඒවා තමා තේරෙන්නේ නැත්තේ.අන්න ඒවාට දෙන්න කරන දෙයක් හරියට කරන්න බලන්න imdb http://www.imdb.com/title/tt1986857/ තවම වොට් 5 එකම රේටින් එකක් වත් නෑ.පොඩ්ඩක් මේවත් බලලා සබ් දාන්න..එන එන හැම දේටම නොදා..ඊටත් වඩා මේ අලුතෙන් එන ෆිල්ම්ස් නම විතරයි කිසිම වැඩක් නෑ පරණ කොච්චර සුපිරි ඒවා තියේද දෙන්නකෝ අන්න ඒ වගේ ඒවා.නිකන් 2012 අවුට් උන චෝර ඒවා නොදී,,,Urban Explorer [2011] කියලා දුන්නේ ඒකත් අන්තිමයි පොඩ්ඩක් මේකේ ඇඩ්මින් සබ් දාන කට්ටියට කියන්න හොද නිර්මාණ වලට දෙන්න කියලා ඔයාලා සබ් දෙන්නේ 2012 2011 ඒවාට විතරද..මම දකින්නේ සිනමාවේ හොද නිර්මාණ බෝහි වුයේ 1990 2005 වගේ වර්ෂ වල.ඉතින් අන්න ඒවාට සබ් දෙන්න යොමු කරන්න අඩුම imdb 5 හට වඩා එකකට වත් සබ් දාන්න..මම මේ කිවුවේ ඔයාලගේ හොදට නිකන් දෙන්නම් වාලේ සබ් දෙන්න එපා පරණ ඒවා තමයි හොද ෆිල්ම්ස් නැතුව මේ 2012 එන ඒවා නෙමේ..The Lorax (2012)කියන ෆිල්ම් එක නම් හොදයි ඒ වගේ 2012 තෝරා ගතපු ඒවාට දෙන්න

    ReplyDelete
  2. සමන්ගේ අදහස අගයකල යුතුමයි.පැරණිදේ තමාරසවත්.පුලූවන්නම් ''ඩාවින්සි කොඩ්''සබ් සමගදෙන්න

    ReplyDelete
  3. කිසිම තරහක් නෑ සහෝ! හොඳ හෝ නරක ඔයාලගේ අදහස් හුඟක් වටිනවා. ඒ නිසාම තමයි කමෙන්ට් මොඩරේට් කරන්නේ නැතිව අපි ඒ විදියටම කමෙන්ට්ස් පල කරන්නේ.මෙහෙමයි අපි මේ චිත්‍රපටය දුන්නේ ඉල්ලීමකට අනුවයි. මම හිතන්නේ අපි තරම් ඉල්ලීම් වලට ඇහුම් කන දුන්නු වෙනත් උපසිරසි කණ්ඩායමක් ඉන්නවද කියල. ඒ වගේම අපි පරණ හොඳ චිත්‍රපටි රැසකට මේ දක්වා උපසිරැසි ලබාදී තිබෙනවා. ගිය මාසේදීත් අප නිකුත් කල චිත්‍රපට 27 අතර
    2012 වසරේ නිකුත් වු චිත්‍රපට 6ක්,
    2011 වසරේ නිකුත් වු චිත්‍රපට 6කි,
    2010 වසරේ නිකුත් වූ චිත්‍රපට 3ක්,
    2009 වසරේ නිකුත් වු චිත්‍රපට 3ක්,
    2008 වසරේ නිකුත් වූ චිත්‍රපට 3ක්
    2007 වසරේ නිකුත් වු චිත්‍රපට 1ක්,
    2006 වසරේ නිකුත් වු චිත්‍රපට 3ක්,
    2005 වසරේ නිකුත් වූ චිත්‍රපට 1ක්,
    2000 වසරේ නිකුත් වු චිත්‍රපට 1ක්, යනුවෙන් ලබා දුන්න.
    මේ මාසේදීත් එහෙමයි. ලබන මසේදීත් එහෙමයි. ඒ වගේම ඔබලා වෙනුවෙන් චිත්‍රපටි උපසිරැසි ඉල්ලීම් සඳහා වෙනම ත්‍රෙඩ් එකක් ලබාදී තිබෙන්නේ අපි විතරයි. ඒ වගේම ඒවාට ඇහුම්කන් දීලා මේ දක්වා උපසිරැසි රැසක් ලබාදීලා තියෙනවා. ඉදිරියේදීත් ලබාදෙනවා. ඒ වගේම ඔබලාගේ අදහසකටම අනුවයි අපි ටීවී සීරිස් වලටත් උපසිරැසි දෙන්න තීරණය කෙරුවේ.

    ReplyDelete

Powered by Blogger.