IN DARKNESS [2011] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතිං මම මගේ අළුත්ම උපසිරැසි නිර්මාණය ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නේ. මේකත් මම ආසාම කරන ගනයේ චිත්‍රපටියක්. ඒ කියන්නේ මේකත් සත්‍ය කතාවක් පදනම් කරගෙන පෝලන්තයේ නිපදවන ලද චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටිය ලෙස නාම යෝජනා ඉදිරිපත් උන චිත්‍රපටියක්. ඒ වගේම St. Louis International Film Festival හීදී ප්‍රේක්ෂකයන්ගේ තේරීමේ සම්මානයෙන් පිදුම් ලබන ලද චිත්‍රපටියකි. මේක IMDB Rating 7.1/10 ලබාගෙන තියෙන එකක්. මේක මගේ 12 වෙන නිර්මාණය.

ඉතින් දැන් චිතුපටියේ කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් ලියෝප්ලොඩ් සොහා කියන්නේ තමන්ගේ රටේ තියෙන කසල කාණු පරීක්ෂකයෙක් විදිහට සේවය කරන්නෙක්. එවකට පැවති දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් විසින් යුදෙවු ජාතිකයන් ඝාතනය කරනු ලබන අතර ලියෝප්ලොඩ් විසින් තම පුදේශයේ සිටි යුදෙවු ජාතිකයන් පිරිසක්ව තම ජීවිතය ගැනද නොතකා තමා විසින් පාලනය කරනු ලබන කසල කාණුවක් තුල මාස 14 ක කාළයක් ආරක්ෂා කරගෙන ඔවුන්ව ජර්මානුවන්ගෙන් බේරා ගැනීමට ගන්නා උත්සහය පිළිබඳව කතාව මෙම චිත්‍රපටය තුල අන්තර්ගත වේ. අවසානයේදී ඔහුට මෙම යුදෙවු ජාතිකයන්ව බේරා ගැනීමට හැකිවේද? එම ක්‍රියාවලිය සිදු කිරීමේදී කුමන බාධක වලට ඔවුනට මුහුණ දීමට සිදුවේද? යන්න පිළිබඳව බැලීමට චිත්‍රපටිය බාගත කරගෙනම බලන්න කියලා කියමින් තවත් මෙවැනිම නැවුම් නිර්මාණයක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මෙයින් නවතිමි. හැමෝටම ජය සහ සතුට!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

No comments

Powered by Blogger.