Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 1 කොටස




හුඟ දෙනෙක් අහල තිබුන දෙයක් තමයි සූම් එකෙන් අපිට ටි.වී සීරියස් වලට උපසිරැසි දෙන්නේ නැද්ද කියල. ඒක නිසා තමයි අපි පසුගිය දවස්වල ත්‍රෙඩ් එකක් මාර්ගයෙන් ඔබෙන් ඒ ගැන අදහස් විමසා තිබුනේ. නමුත් අපි ලබාදෙන්න ගිය හුඟක් ටෙලි කතා හුඟ දෙනෙක් එවකටත් නරබා අවසන් වෙලයි තිබුනේ. ඒ නිසා තමයි අපි හොඳ කතා මාලාවක් පමිනෙනකල් ඉවසල හිටියේ. දැනට අන්තර්ජාලය හරහා ටී.වී සීරියස් සඳහා උපසිරැසි ලබාදෙන අඩවි තිබුනත්, එම උපසිරැසි ලබාදෙන උපසිරැසි නිර්මාපකයින්ගේ කාර්යබහුලත්වයත් සමඟ අලුත් කොටසක උපසිරැසි ලබාදෙන්න සැහෙන්න වෙලාවක් ලබාගන්නවා. නමුත් zoom.lk උපසිරැසි කණ්ඩායමේ සාමුහික වැඩක් ලෙස සූම් තුලින් අපි සෑම සතියකම බදාදා දිනයේදී කෙසේ හෝ මේ ටෙලි නාට්‍ය මාලාවට අදාල කොටසට සිංහල උපසිරැසි ලබාදෙන්න ඔබට පොරොන්දු වෙනවා. එය HEDZ සමඟ මම ඇතිකරගත්ත එකඟතාවයක්.

දැන් බලමු අපි උපසිරැසි ලබාදෙන්න හදන කතා මාලාව ගැන. මෙය ලොවපුරා ඉතා ජනප්‍රිය චරිතයක් වන "සිම්බෑඩ්" ගේ කතා තේමාව මුලික කරගනිමින් නිපඳවු බ්‍රිතාන්‍යයේ සිට විකාශය කරන ලොව පුරා ජනප්‍රිය චැනලයක් වන Sky|TV නාලිකාව හරහා ලබාදෙන අලුත්ම ටෙලිනාට්‍ය කතා මාලාවක්. මෙහි මුල් කොටස පුංචි තිරයේ දර්ශනය කිරීම් ඇරඹුවේ මේ මස (ජූලි) 7 වෙනි සෙනසුරාදයි. දැනට කොටස් 13 ක පමණ රූපගත කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටිනවා. මෙය අපි සම්ප්‍රදායිකව බැලූ සිම්බෑඩ් කතාවකට වැඩිය වෙනස්ම අද්දැකීමක් අපිට ලබා දෙනවා. මෙම කතා මාලාවට ඉන්ද්‍රජාලිය දේවල් හුඟක් ඇතුලත් වෙනවා. ඒ සෑම දෙයක් පටිගත කිරීමට ලොව නවීනතම තාක්ෂනය උපයෝගී කරගෙන තියෙනවා. මුල් කොටස නැරඹුවොත් ඔබට ඒ ගැන විනිශ්චයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හැමදාම ඇමරිකානු (හොලිවුඩ්) කතා සහ චිත්‍රපට බලන ඔබට මෙම බ්‍රිතාන්‍ය කතා මාලාව අමුතුම අද්දැකීමක් ලබාදෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ෂර්ලොක් හෝම්ස් ටෙලි කතා මාලාව ඔබ නරඹල තියෙනවනම් ඔබට එ ගැන තේරේවි. ඒ වගේම මේ කතාවේ එක් කොටසක් පැයක දාවන කාලයකින් සමන්විතයි. සාමාන්‍යයෙන් හොලිවුඩ් ටෙලි කතාවකනම් දාවන කාලය වෙන්නේ විනාඩි 45ක් වගෙයි. මුල් කොටසේදී අපිට බලාගන්න පුළුවන් සිම්බෑඩ් කියන පුද්ගලයා කොහොම කෙනෙක්ද සහ ඔහු කොහොමද අන්තිමේදී නැවකින් නවතින්නේ කියල. එහෙනම් කතාව නරබන්න කියල ඇරයුම් කරන ගමන් අපේ මේ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි ලබාදීමේ ප්‍රථම වෑයම ගැන ඔබට හිතෙන දේ අකුරු කරලා යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලට උපසිරැසි ලබාදීම තීරණය වන්නේ හුදෙක්ම ඔබේ නිදහස් අදහස් මතයි. ඒ වගේම මේ අදහස රැගෙන ආ අපේ ඇඩ්මින වන HEDZ හටත් ස්තූති වන්ත වෙනවා.
එහෙනම් ඊළඟ කොටසත් සමඟ ලබන සතියේ හමු වෙමු !

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

8 comments:

  1. මේක නම් අදහන්න වටින වැඩක්... එල....

    ReplyDelete
  2. නියමයි! නියමයි!! පුලුවන් නම්
    The Mentalist--> http://www.imdb.com/title/tt1196946/
    My wife and kids --> http://www.imdb.com/title/tt0273855/
    Full house --> http://www.imdb.com/title/tt0092359/
    උපසිරස දෙන්න බලන්න.

    ReplyDelete
  3. සුපිරි වැඩක්.පුලුවන් නම් subtitles දෙනකොට srt format එකෙනුත් දෙන්න බලන්නකො.දැන් දෙන format එකේ font size එහෙමෙ අඩු වැඩි කරන්න බෑනේ.

    ReplyDelete
  4. මචන් ෙම් වැෙඩ් දිගටම කරගෙන යමු , ජය ෙව්වා !!!

    ReplyDelete
  5. හැම කෙනෙක්ගෙම අදහස් වලට හුඟක් ස්තූතියි.

    ReplyDelete
  6. elama thama rokiya,,,,,,jaya wewa.

    ReplyDelete

Powered by Blogger.