The Lorax (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ




හුගක් දවසක් ඉදලා මම බලන් හිටියේ මේ චිත්‍රපටිය ඔයාලට දෙන්න අරන් එන්න තමයි.එත් චිත්‍රපටියේ හොද කොපි එකක් එන්න ඉතාමත් දිගු කාලයක් ගත උනා.ඒක නිසාමටයි මම මේකේ ඩිවිඩි රිප් එක ආව ගමන් ඒකට උපසිරැසි දෙන්න හිතුවේ.දැන් 720P 1080P BR RIP බලන අය ඉන්නවා නම් අප්සට් වෙන්න එපා ඔයාලට බලන්න උනේ නෑ කියලා.මේකේ Br Rip එකක් ලබන සතියේ වගේ නිකුත් වෙයි කියලා හිතනවා එහෙම උන ගමන්ම මේක ඒකට ගැලපෙන්න උපසිරැසි හදලා දෙනවා කියලා පොරොන්දු වෙනවා.මේ දැන් දෙන්නේ මේ කාටුන් එක බලන්න හදිසිම අයවෙනුවෙන්.මගේ පාඩම් වැඩ කැම්පස් එකේ වැඩ අස්සේ මේ සබ් එක දාලා ඉවර කරද්දි දැන් වෙලාව හරියටම 18 වෙනිදා පාන්දර 2.24යි.මේ වෙනකම් නිදිමරාගෙන දැම්මේ ඔයාලට මේක දෙන්නම ඕන නිසා.කොහොම හරි වැඩේ දවසින් කරගන්න පුලුවන් උනා.තව දෙයක් මේ මගේ 22වැනි උපසිරැසි ගැන්විම.

කතාව පොඩ්ඩක් කියන්නම් මේ කතාව කාලේ වෙන කොට ලොකේ හැම ගහක්ම වදවෙලා ගිහින්.දැන් ගස් කියලා මිනිස්සු දන්නේ ප්ලාස්ටික් වලින්
වගේ හදපු ගස් වලට.මේ නගරේ ඉන්නවා ළමයෙක්.එයාගේ පොඩි කැමැත්තක් තියනවා එයාලගේ ගෙවල් ගාව ඉන්න ගැණූ ළමයෙක්ට.ඉතින් මේ පිරිමි ළමයා ගැණු ළමයගේ හිත ගන්න එක එක දේවල් කරනවා.දවසක් මේ ගැණු ළමයා එයාගේ හිනයක් ගැන කියනවා ඒ තමයි ඇත්තම ඇත්ත ගහක් දකින එක.එහෙම පෙන්නුවොත් හරි ඇත්තම ඇත්ත පැළැටියක් ගෙනත් දුන්න කෙනෙක්ව එයා එවලේම කසාද බදිනවා කියලත් කියනවා.මේක ඉතින් අර පිරිමි ළමයට හොද අවස්ථාවක් නිසා එයා එයාගේ ආච්චිගෙන් අහගෙන නගරෙන් පිට ඉන්න ඇත්ත ගස් ගැන දන්න කෙනෙක් හොයාගෙන යනවා එතනින් එහාට මොනා වෙයිද?ලොකේ සේරම ගස් නැති උනේ කොහොමද? ඒක අර පිරිමි ළමයා හොයා ගනිද? එයාට ඇත්තම ඇත්ත පැලැටියක් හම්බවෙයිද? එතකොට කවුද මේ ලොරේක්ස් කියන්නේ? ප්‍රශ්න ගොඩක් නේද? ඒ සේරටම උත්තර විනාඩි 87ක් පුරා දිවෙන මේ චිත්‍රපටියේ ගැබ්වෙලා තියනවා.ඔය මම කිව්වේ කතාවේ මුල විනාඩි 10 විතරයි.මේ කතාවෙන් ඔයාලගේ ජිවිතේට පාඩමක් ඉගෙන ගන්නත් පුලුවන් පරිසරය සුරකිම ගැන. එහෙනම් හැමෝම අරන් බලන්න.Br Rip එනකම් ඉන්න කැමති අය තව පොඩ්ඩක් ඉවසන්න.හොද කොපියක් ආව ගමන් ඒකට ගැලපෙන්න හදලා දෙන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi*විසිනි

2 comments:

Powered by Blogger.