Mere Brother Ki Dulhan (2011) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


ඔන්න මං මගේ හත්වැනි නිර්මාණයත් අරන් ආවා.. මං මේ පාරත් අරන් ආවේ හින්දි චිත්‍රපටියක්.. ඉතින් චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ගිය අවුරුද්දේ තිරගත වූ ලස්සන චිත්‍රපටියක්.. Imran Khan,Katrina Kaif සහ Ali Zafar මෙහි රංගනයෙන් දායක වෙනවා.. IMDb දර්ශකය තුල 6.0 අගයක් ලබලා තියෙනවා වගේම Romantic/Comedy වර්ගීකරණයයට අයත් චිත්‍රපටියක් මේක.. ඉතින් මේකෙ කථාව ගැන කියනවා නම් Luv කියන්නෙ ලන්ඩන් වල ජීවත් වෙන තරුණයෙක්, ඔහු තම පෙම්වතියගෙන් වෙන්වීම නිසා තීරණය කරනවා ඉන්දියානු ගෑණු ළමයෙකු සමඟ විවාහා වීමට.. ඉතින් ඔහුට ගෑණු ළමයෙකු සෙවීම සඳහා ඔහු එය භාරදෙන්නෙ තමන්ගේ අතිජාත ආදරණීය සහෝදරයා වන Kushට.. මෙතනින් තමයි කථාව පටන් ගන්නෙ.. ඉතින් Kush ට තම සහෝදරයාට හොද ගෑණු ළමයෙකු සොයාගන්නට හැකිවේවීද, ඔහුට ඒ සඳහා මොන මොන දේවල් කරන්න වේවීද ඒ හැමදේම ඔයාලට දැනගන්න පුලුවන් චිත්‍රපටිය නරඹලම.. මේකෙ ලස්සන ආදර කථාවක් තියෙනවා වගේම ගොඩක් විනෝදයෙන් නරඹන්න පුලුවන් විදිහෙ චිත්‍රපටියක්.. මම නම් පෞද්ගලිකව Imran Khan ගෙ චිත්‍රපටිවලට කැමති කෙනෙක්.. ඉතින් එහෙනම් හැමෝටම නරඹන්න කියලා ආරාධනාකරන ගමන්ම මම මීට කලින් දුන්න චිත්‍රපටි සඳහා අදහස් දැක්වූ සැමට ස්තූතියි කියන ගමන්ම මේ චිත්‍රපටියටත් ඔයාලාගේ අදහසක් දක්වලා යන්න කියලා ඉල්ලා සිටිනවා.. ඒ වගේම ඔයාලගේ රසවින්දනය උදෙසා මෙහි ඇති සියලු හින්දි ගීත උපසි‍රැසි ගන්වා තිබෙන බවත් මතක් කරන්න ඕන.. එහෙනම් අපේ zoom හි අනෙකුත් උපසි‍රැසි නිර්මාණකරුවන්ගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා සුභපතන ගමන්ම, නිරතුරුවම අපට විශාල සහයෝගයක් ලබාදෙන අපේ Hedz අයියවත් මතක් කරන ගමන්ම, zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!! එහෙනම් නරඹන්න "මගේ සහෝදරයාගේ මනාලිය" ව.. සැමට සුභ දවසක්.. තවත් උපසි‍රැසි නිර්මාණයක් සමඟින් ඉක්මනින්ම හමුවෙමු.. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර අබේසිංහ(CJA) විසිනි විසිනි

1 comment:

Powered by Blogger.