Snow White & The Huntsman (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



2012 වසරේ නිකුත් උන තවත් සුපරිතම සිනමා නිර්මාණයක් අපු සැනින් උපසිරැසි එක්ක අරන් ආවා.මෙහි ප්‍රධාන චිරිත රගපාන්නේ Kristen Stewart,Chris Hemsworth හා Charlize Theron විසින්.2012 ජුනි මස ලොව පුරා ප්‍රදර්ශනය වු මෙම චිත්‍රපටිය ආදයම් වාර්තා රැසක් තැබිමටද සමත් උනා.ඔබ කවුරුත් දන්නා snow white කතාව වෙනස් ආකරයකින් නැවත නැවතත් චිත්‍රපටි ගණනාවකින් නිර්මාණය උනා 2012 වර්ශයේදි Mirror Mirror යනුවෙන් චිත්‍රපටියක් හා මෙම Snow White and the Huntsman යනුවෙන් මෙම චිත්‍රපටියද නිකුත් උනා කලින් මා කියු චිත්‍රපටිය නරඹලා තියනවා නම් ඊටත් වඩා වෙනස් අත්දැකිමක් මෙමගින් ලබා ගන්න පුලුවන්.

කතාව කෙටියෙන් පැහැදිලි කලොත් Magnus රජුට සහා රැජිනිගේ දුව ස්නෝ වයිට් ඉපදි ටික කාලයකට පසුව ඇයගේ මව මිය යනවා.මෙම කාලයින් පසු එම රජු විසින් තවත් කුමාරියක් විවාහ කරගැනිමට තිරණය කරනවා.නමුත් එම තිරණය හොද එකක් වන්නේ නැහැ.ඔහු නොදැනුවත්ව විවාහ කරගනු ලබන්නේ දරුණු මයාකාරියක්වයි.ඔහු ඒ බව වැටෙහෙන්නටත් පෙර සියල්ල සිදුවි හමාරවෙනවා.මේ නපුරු මයාකාරිය විසින් ඇයගේ හා ඇයගේ සහෝදරයාගේ හමුදාවනේ මුළු රාජධානියම ආක්‍රමණය කරනවා.ස්නෝ වයිට් කුමරිය පලායාමට උත්සහා කලත් එය සාර්ථක වෙන්නේ නැහැ. ඇයව එක්ටැම් කුළුණක සිරකරනු ලබනවා.නමුත් ඇය වසර කිහිපයකට පසුව මාලිගයින් පලා යනවා...ඉන්සපු ඇයට කුමක් වෙයිද ඇය පසුපස
ලුහුබදින්නේ කවුරුන්ද? ඇයට නැවතත් රාජධානිය මුදවා ගැනිමට හැකිවෙයිද? මේ සියලු උත්තර දැන ගන්න මේ චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරමින් නැවතත් සිංහල උපසිරැසියක් සමග හමුවිමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි


No comments

Powered by Blogger.