Transit (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ

මේ ෆිල්ම් එක මගේ ගාව ටික දවසක ඉඳන් තිබ්බත් බලන්න බැරි උනා. මේක එච්චර හොඳ කතාවක් නෙවෙයි කියල හිතුණ නිසයි නොබල හිටියේ. ඒත් කම්මැලිකම යන්න බලන්න හිතිල ටිකක් බලද්දිම තේරුණා මේක නම් නියම කතාවක් තියන ෆිල්ම් එකක් කියලා. මේ චිත්‍රපටිය IMDB වල 5.8ක අගයක් ලබාගෙන තිබුණත් මේක ඊට වඩා ගොඩක් ඉදිරියෙන් තියන ෆිල්ම් එකක්. ඉතින් මේ වගේ ෆිල්ම් එකක් කවුද සිංහල උපසිරසි එක්ක බලන්න අකමැති, ඔන්න ඒ නිසා ඉක්මනටම එක දවසක් ඇතුලත සබ් එක හදල ඉවරකලා. කතාව ගැන කියනව නම් නිවාඩුවක් ගතකරන්න යන පුන්චි පවුලක් අපරාධකරුවන් හතරදෙනෙක්ට කොටුවෙලා ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටෙන කතාවක් තමයි තියෙන්නෙ. හොරු පොලිසියෙන් බේරෙන්න ඩොලර් මිලියන හතරක් තියන මල්ලක් මේ පුන්චි පවුල යන වාහනේ හංගනවා. ඊට පස්සෙ ඒ සල්ලි ලබාගන්න හොරු මේ පවුලට ගොඩක් කරදර කරනවා. ඒකෙන් බේරෙන්න පවුලෙ කට්ටිය ගන්න උත්සාහය තමයි තියෙන්නෙ. ඊට වඩා ගොඩක්දුරට මේක පැහැදිළි කරන්න යන්නෙ නෑ. මේ ෆිල්ම් එක බලද්දි තාත්ත කෙනෙක් තම පවුල රැකගන්න ජීවිතයත් පරදුවට තබල දරණ උත්සාහය ගොඩක්ම කැපී පෙනෙනවා. මෙ වගේම තවත් හොඳ සිනමා නිර්මාණයක් සමඟ ආයෙත් හමුවෙමු. ඔබට ජය.!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික(මරුහිරා) විසිනි

No comments

Powered by Blogger.