Chocolate [2008] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ තමයි මගේ පළමු උපසිරසිගැන්වීම. ඉතින් පළමු වතාවට උපසිරසිගන්වන්න හිතුවෙ තායිලන්ත චිත්‍රපටයකට.ඔබ මේක වෙනත් භාෂාවක චිත්‍රපටියක් නිසා නොබලා ඉන්න සිතනවා නම් නිකමට වගේ ඉහත තිබෙන Trailer එක ධාවනය කරලා බලලාම ඉන්න.එවිට චිත්‍රපටිය කොතරම් ක්‍රියාදම වලින් පිරුණ එකක්ද කියලා ඔබට පැහැදිලි වේවි.මේකෙ කතාව ගැන කියනව නම්, මම කලින් කිව්වා වගේ මේක ක්‍රියාදාම ගනයට අයත් වන චිත්‍රපටයක්.ong bak movie එකේ සටන් කලාව මෙම movie එකෙද එලෙසම පවතිනවා ළමයෙක් අම්මා කෙනෙකුට කොපමන ආදරේද කියාපාන අපූරු කතාවක් කියල කියන්න පුලුවන් මේ චිත්‍රපටය. මෙහිදි මොලය නිසියාකාරව වර්ධණය නොවු ගැහැනු ළමයෙක් තමන්ගේ අම්මගේ අසනිප සුවකරගැනිම සදහා හදාගන්න ගත්ත පිරිමි ළමයෙක් සමග පතාල මැරයන් සමග සටන් වැද ඇයගේ මවට ලැබිය යුතු ණය මුදල් ඵකතුකරන අකාරය දැක්වෙයි ඇයට තම මව සනිපකරගත හැකි‍වෙද ? ඇයගේ දෙමාපියන් කවුරැන්ද ? ඇයට මුලු ණය මුදලම එකතුකරගත හැකිවෙද ? මෙවාට උත්තර චිත්‍රපටය නැරබුවාට පසු ඔබට ලැබෙයි මෙම චිත්‍රපටය IMDB rating 7.0 ලබාගෙන තියෙනවා මෙම චිත්‍රපටය අධ්‍යයක්ෂණය කර තියෙන්නේ Prachya Pinkaew විසින්. මේක මගේ පළමු උපසිරසි ගැන්වීම නිසා අඩුපාඩුකම් හුගක් තිබෙන්නත් පුලුවන්. එකට සමාවන්න ඉදිරියේදී තවත් හොඳ චිත්‍රපටයකට උපසිරසි ගන්වන්න බලාපොරොත්තු වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුජීව සම්පත් විසිනි.

No comments

Powered by Blogger.