Cloverfield [2008] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න යාලුවනේ මගේ පස්වැනි සබ් එක දෙන්නයි මේ හදන්නේ. මේක අපේ හෙඩ්ස් ගේ ඉල්ලීමකට කරපු උපසිරැසියක්. මේ චිත්‍රපටය Cloverfield. 2008 වසරේ තමයි තිරගත වුනේ. මේක වෙනස්ම කතාවක්, බලනකොට තේරෙයි.මෙයට IMDB හි 7.2ක ඉහල අගයක් ලැබිලා තියනවා ඒ කියන්නේ හොද චිත්‍රපටියක් බව ඔබට තේරේනවා ඇති.ගෙවෙන හැම තත්පරයකම කුතුහලය කැටි කොට තියාගන්න මේ චිත්‍රපටිය සමත්වෙනවා.මේ චිත්‍රපටිය කොහොමත් ටිකක් වෙනස් අත්දැකිමක් වේවි.ඔබ නරඔලා තියනවද The Darkest Hour ඉංග්‍රිසි චිත්‍රපටිය.ඒ චිත්‍රපටය මේ චිත්‍රපටිය අනුසාරයෙන් හැදුවද කියලත් හිතෙනවා.යාළුවෝ ටිකක් විනෝද වේවි ඉන්න අතර වාරයේ එක පාරටම නගරයේ විදුලිය විසන්දිවෙනවා.යළිත විනාඩි කිහිපයකින් විදුලිය පැමිණෙන විට නගරයට යම් කවුරුන් හෝ දරුණූ ලෙස පහර දිමට පටන් ගන්නවා.ප්‍රවෘත්ති වල පවසන පරිදි කුමක් හෝ දෙයක් හෝ අද්භූත යෝධ සත්ත්වයෙක් නගරයට හානිකරනවා කියලා මේ යාළුවන්ට දැනගන්න ලැබේනවා.ඒ සමගම හමුදාව මගින් නගරයේ සියලුම පිරිස නගරයෙන් පිටත් කරන්න සුදානම් කරනවා.ඒ අතර සිටින පුද්ගලයන් කිපදෙනෙක් මේ සිදුවිමට මුණ දෙන සිද්ධිමාලාව තමයි චිත්‍රපටිය පුරාවට ගලා යන්නේ.නගරයට පහර දෙන අද්භුත සත්වයා කවුරුන්ද? හමුදාව හා මේ අද්භුත සත්වයා අතර ගැටුමට මැදිවෙන මේ පිරිසට කුමක් වෙයිද? සියල්ල දැනගන්න මේ චිත්‍රපටිය අරගෙන බලන්න කියන එකතමයි කියන්න ඕන.මොකද කතාව කියනවට වඩා මෙහි ඇති වෙනස් බව ඔබටම අත්විදින්න හැකිවේවි. අප ලබා දි ඇති ටොරන්ට් පටය 300MB වුවත් එය ඉතාමත් ගුණාත්මක භාවයකින් යුතු YIFY පිටපතක් බව දන්වා සිටිමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි

No comments

Powered by Blogger.