Eden Lake [2008] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



2008 වසරේ තිරගතවුනු මෙය Horror චිත්‍රපට යටතේ විශේෂ තැනක් ගනී.IMDb චිත්‍රපට දර්ශකයේ 6.9 වැනි අගයක් ලබා ගත් මෙය සම්මාන 4 දිනා ඇති අතර සම්මාන 5 සදහා නිර්දේශ වී තිබෙනවා.චිත්‍රපටය මනා තාත්වික අන්දමින් නිර්මාණය කර තිබීම තවත් සුවිශේෂි අංගයකි.මෙහි Kelly Reilly,Michael Fassbender වැනි තරු රංගනයෙන් දායකත්වය දක්වනවා. කතාව ගැන කියනවනම් ස්ටීව්,ජෙනි යුවල තම සති අන්ත නිවාඩුව ගත කිරීමට ඈත පිහිටි ප්‍රදේශයකට යනවා.ඒ පෙම් සුව විදිමින් ඔවුන්ගේම ලොවක හුදෙකලා වන්නටය.ඔවුන්ගේ එම සතුට වැඩි වෙලා විදින්න ලැබෙන්නේ නැත.මක්නිසාද යත් ඔවුන් හට මුහුන දීමට සිදුවූයේ ඔවුන් කවරදාකවත් නොසිතූ සිදුවීම් පෙලකටය.අනුකම්පාවක ගැවිවත් නැති නොමැත බාල වයස්කාරයන් කිහිපදෙනෙකුගේ අත ඔවුන්ගේ ඉරණම ‍රැදී තිබුනේ ඔවුන්ටවත් කිසිවක් සිතා ගන්නටවත් නොහැකි ලෙසය.සතුට,ආදරය සුන්දරත්වය සොයා ගිය මේ දෙපලට අවසානයේ ඇදි ආවේ ඔවුන් ජිවිතේටවත් බලාපොරොත්තු නොවු අවාසනාවකි.තිරිසන් සතෙක් වෙනුවෙන් මිනිස් ජිවිතයක් වන්දි ගෙවිය යුතුද? ආරම්භයේ සිට අවසානය දක්වා ත්‍රාසය භිතිය කැටිකරගත් මේ සිනමා නිර්මාණය ඔබගේ හිත හයියනම් නැරඹිය හැකිය.මං එසේ කිවේ මෙම චිත්‍රපටයේ ඇතැම් විට දරුණු වද හිංසා ඇති දර්ශන තිබෙන නිසාය.කේසේ වුවත් චිත්‍රපටිය ගැන පෙර ඉගියක් ලබා ගැනිමට අනිවාර්යෙන් ඔබ මේ චිත්‍රපටයේ ඉහත ඇති පෙර රුපරාමු නරඹාසිටින්න.නැවත තවත් උපසිරැසි නිර්මාණයක් සමගින් හමුවෙන තෙක් සමුගන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි

No comments

Powered by Blogger.