Men In Black 3 [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ


කොහොමද කට්ටිය ගොඩකාලේකට පස්සේ මම නම් ආවේ එකත් හිතාගෙන හිටපු විදියට නෙමෙයි මොකද මේ චිත්‍රපටිය ලබා දෙන්න අපි සුදානමින් හිටියේ නෑ.කට්ටිය දෙන්නේ නැත්ද කියලා අහපු නිසා තමයි මේක උපසිරැසි ගන්වලා දෙන්න හිතුවේ.මේ උපසිරැසි එක දෙන්න උදාර වගේම තාරකත් උදව් කලා ඒ දෙන්නටත් ගොඩක් ස්තුතියි.මේ චිත්‍රපටියට කලින් මේ කතා මාලාවේ පලමු කොටස හා දෙවැනි කොටස මම උපසිරැසි ගන්වලා දෙන්න හැදුවේ මොකද ඒ කතා දෙක බලලා නැත්නම් මේ කතාව බනවට වඩා කලින් කතා දෙක බලලම මේක බලන එක හොදයි කියලා හිතුනා.මේක කලින් නොබලපු අයටත් බලන්න පුලුවන් හැබැයි ඔයා පටලැවෙන්න පුලුවන්.ගොඩක් හොදයි මුල කතා 1 හා 2 බලලම මේක බලන්න පටන්ගන්නවා නම්.මම උපසිරැසි දෙන්න උත්සහා කරනවා හැබැයි පොඩි කාලයක් ගතවේවි.ඊට කලින් 3වැනි එක දෙන්න හිතුවේ මේත බලන්න කැමති අය ඉන්න නිසා ඒ අයට අසාධාරණයක් නෙවෙන්නයි.

මේ කතාව හරියටම පලමු කතා දෙක නිකුත් වෙලා වසර 10ක් විතර පසුව තමයි මේක තිරගත වෙන්නේ. චිත්‍රපටියේ කතාව කෙටියෙන් කිව්වොත් බොරිස් නැමැති පුද්ගලයෙක් සදේ තියන සිරගෙදරක සිර කරලා තිබෙන තැනින් තමයි කතාව පටන් ගන්නේ.ඔහු උපක්‍රමයක් භාවිතා කරලා හිරගෙදරින් පනින අතර ඔහු කාලය හරහා යම් ගොස් පෘථ්විය විනාශ කරන්න උත්සහා කරනවා.මේය නවත්වන්න නියෝජිත J (Will Smith) තමයි ඉදිරිපත් වෙන්නේ.ඔහු කාලතරණයක් හරහා අතිතයට යනවා සියල්ල වෙනස් කරන්න.එහිදි ඔහුට ගොඩක් දෙවල් වලට උත්තරත් ලැබෙනවා.එවා මොනාද? මොහුට නියොජිත J ට මේ දෙවල් නවත්වන්න හැකි වෙයිද මේ සියල්ලම බලන්න කතාව අරන් බලන්න වෙනවා.මම අර උඩ කියපු පොරොන්දුවත් හැකි ඉක්මනින් ඉටු කරන්න බලන්නම් ඒ කියන්නේ මේ චිත්‍රපටියේ කොටස් 1 හා 2කද සිංහල උපසිරැසි සමගින් ඔබ හමුවේ තබන එක.එහෙනම් ගිහින් එන්නම්.හැමෝටම සුභ දවසක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේනාලි ගෝමස් සහ දිනුෂ්ක උදාර විසිනි

No comments

Powered by Blogger.