Happy New Year (2014) සිංහල උපසිරැසි සමඟ.



වසරේ වැඩි වශයෙන්ම කතා බහට ලක් වූ සහ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොව පුරා ප්‍රදර්ශනය වූ බොලිවුඩයේ රජු ලෙස කිරුළු පළන් කින්ග් ඛාන් ‍හෙවත් ෂාරුක් ඛාන් මේ වසරේදී රංගනයෙන් දායක වූ එකම චිත්‍රපටියද වූ Happy New Year චිත්‍රපටයයි අද මෙලෙසින් ඔබට සමීප කරන්නේ. යාෂ් රාජ් චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වන හැපි නිවු ඉයර් චිත්‍රපටය ෂාරුක් ඛාන් හා ඔහුගේ බිරිඳ වන ගෞරී ඛාන් හිමිකාරිතවය දරණ රෙඩ් චිලීස් ආයතනය යටතේ නිෂ්පාදය වූ අතරම චිත්‍රපටයේ තිර රචනය Farah Khan සමගින් එකතුව Althea Kaushal විසින් නිම කර තිබේ. සිනමාකරණයෙන් Manush Nandan දායකත්වය සපයද්දී සංස්කරණයෙන් Anand Subaya එක් වී තිබෙනවා. මියුරු සංගීත නාද රටා Vishal Shekharගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වී තීබීම හේතුවෙන් චිත්‍රපටයට ලැබුණු රසික ආකර්ෂණය දෙගුණ තෙගුණ වූ බවත් මතක් කළ යුතුමයි.

ඔක්තෝබර් මස 23 වන දින මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය ඩුබායි නග‍රයේ දී පැවැත්වූ අතර ඊට පසු දින එනම් ඔක්තෝබර් 24 වන දින ඉන්දියාවට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය වීම ආරම්භ කළා. ප්‍රදර්ශනය වූ පළමු දිනයේදීම කෝටි 44.97ක අදායමක් අත් පත් කරගත් මෙම චිත්‍රපටය පළමු සති අන්තය තුළදී උපයා ගත් ආදායම කෝටි 108.86ක්. එය චිත්‍රපටියක් විසින් මෙම වර්ශයේ සති අන්තයකදී උපයාගත් වැඩිම ආදායම ලෙසින්ද වාර්තා අතරට එක්ව තිබෙනවා. පළමු සතිය තුළදී කෝටි 157 ක ආදයමක් උපයාගත් චිත්‍රපටිය ප්‍රදර්ශනය නිමා කළේ ලොව පුරා සිනමාහල් වලින් ලද සමස්ත ආදායම කෝටි 383ක් ලෙස සටහන් කරගනිමින්. පැය 3ක් පුරා දිවෙන චිත්‍රපටය Action / Comedy / Crime ලෙස වර්ගීකරණය වී තිබෙන අතර IMDB දර්ශක අගය 6.2/10 ක් ලෙසින් සටහන් කරගන්නටත් මෙම චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා.

ෂාරුක් ඛාන් සමගින් දීපිකා පදුකෝනි ප්‍රධාන නළු නිළි යුවල ලෙසින් එක් වද්දී තවත් සිනමා තරු ගොන්නක ආලෝකය මෙම චිත්‍රපයටය ලැබී තිබෙනවා. අනුපම් කේර්, බෝමන් ඉරානි, අභිෂේක් භච්චන්, සෝනු සෝඩි, ජැකී ෂෙරොෆ්, සමගින් ප්‍රභූ දේවාද ආරාධිත රංගනයක නිරත වීම විශේෂත්වයක්. ත්‍රාසය, භීතීය, කුතුහලය මෙන්ම හාස්‍යයද නොවඩුව සපිරිණු මෙම සිනමා නිර්මාණය බොලිවුඩ් සිනමා රසිකයන් මග නොහැරම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙසින් ඉහළින්ම නිර්දේශ කරන්නට හැකියි.

චාලි (ෂාරුක් ඛාන්) කියන්නෙ වීදී සටන් වලින් ජීවිතය ජයගන්න හදන කෙනෙක්. ඔහු බුද්ධිමත් තරුණයෙක් වුනත් නගරයෙ ඔහුට වැදගත් රැකියාවක් ලැබෙන්නෙ නෑ. එහෙම වුනෙ ඇයි කියන ප්‍රශ්නෙට පිළිතුරක් චිත්‍රපටිය නරඹද්දි ඔබට ලැබේවි. ඔහුට මාධ්‍ය හරහා දැන ගන්න ලැබෙනවා මිල කළ නොහැකි වටිනාකමකින් යුත් දියමන්ති 9ක් ප්‍රිටෝරියා නගරයේ සිට ඇන්ටවර්ප් දක්වා ගෙන යන බවත් එම දියමන්ති නත්තල් දින රාත්‍රියෙදි ඩුබායි නගරයේ ඇට්ලන්ටිස් හෝටලයේ ෂාලිමාර් ඉන්ටර්නැෂනල් සමාගමේ ආරක්ෂාව යටතේ තබා තිබෙන බවත්. එය දැන ගත් මො‍හොතේ පටන් චාලි සැළසුම් හදනවා එම දියමන්ති සොරකම් කරන්න. ඔහු ඊට අවශ්‍යය කරන කණ්ඩායම හදා ගන්නවා. එම කණ්ඩායමේ පිපරවීම් ‍විශේෂඥයා වෙන්නෙ ජැග් (සෝනු සෝඩි), සේප්පු බිඳීමේ විශේෂඥයා වෙන්නෙ ටැමී (බෝමන් ඉරානි),පරිගණක විශේෂඥයා වෙන්නේ රෝහන් (විවාන් ෂා), නන්දූ (අභිෂේක් භච්චන්) තමයි අනිත් සාමාජිකයා, එයාව මේ කණ්ඩායමට අවශ්‍යය වුනේ ඇයි කියලා චිත්‍රපටිය නරඹද්දි තේරේවි.

නත්තල් දවසේ රාත්‍රියේ ඇන්ලන්ටිස් හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙන ලෝක නර්තන ශූරතාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායම හැටියට පෙනී සිටිමින් දියමන්ති සොරකම් කිරීම තමයි වාලි ඇතුළු කණ්ඩායමේ සැළැස්ම වෙන්නේ. හැබැයි මේ කණ්ඩායමේ කාටවත් නටන්න බෑ. මෙයාලා නැටුම් පුහුණුකාරිය ලෙසින් තමන්ගෙ කණ්ඩායමට බඳවගන්නේ මෝහීනී (දීපාකා පදුකෝනි). මේයාලා නටව විදිය දැක්කම හිනා වෙලාම පණ යනවා. කම්පියුටර් ජිල්මාට් එකක් දාල ඉන්දියාවෙ ශූරයෝ බවට පත්වෙන මේ කණ්ඩායම ලෝකු නර්තන ශූරතාවලියට සුදුසුකම් ලබා ගන්නවා. මේ ‍දියමන්ති කොල්ල කෑමෙන් චාලි බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියන දේටත් ඒ අරමුණ වෙනුවෙන් ඩුබායි යන මේ හය දෙනා මේ මහා දියමන්ති කොල්ලය සාර්ථක කර ගනීද නැද්ද යන වගත් චිත්‍රපටිය නරඹන ඔබට දැක ගන්නට පුලුවන් වේවි.

සූම් වෙබ් අඩවිය සිවු වසරක් ගෙවා අභිමානවත් ලෙසින් පස් වෙනි වසරට පිය නගන මේ මොහොතෙ වෙබ් අඩවියේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එලැඹෙන 2015 නව වසර සියලුම දෙනාට සාමය, සතුට,සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරමින් තවත් චිත්‍රපටියක් සමගින් ඔබ හමුවෙන තුරු මම සමුගන්නවා. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි


නිවේදනයයි..
වර්තමාන සමාජිකයින් වෙත කෙරෙන නිවේදනයයි.වෙබ් ෆොරම් එකෙහි යාවත්කාලින කටයුතු සිදුවන බැවින් යම් එහෙකින් උපසිරැසි ලබා ගැනිමට උත්සහා කරද්දි. Error එකක් පැමිණෙනවා නම්. User LogOut වි (සමාජිකයෙක්විදියට සයිට් එකේ SignIn නොවි.) උත්සහා කර බලන්න.

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.