Sanctum (2011) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මොකද මේ පරණ කලින් දාපු ෆිල්ම් එකක් උඩට ඇවිත්? ඔය ප්‍රශ්නේ ආවා නේද.සමහරුන්ට හිතුනද දන්නේ නෑ සබ් නැතුව පරණ ෆිල්ම් දානවද කියලා.අපෝ නෑ මේ ඔයාලා වෙනුවෙන් කරන්න හිතුන අලුත් වැඩක්.අපි කලින් දුන්න ෆිල්ම් සේරම ඔයාලට හොද කොපි වලට අපි අලුත් කරන්න හිතුවා. මම හිතන්නේ නෑ මෙතෙක් කාලේකට පරණ දිපු ෆිල්ම් කවුරුත් ටොරන්ට් එකවත් මාරු කරලා ඇති කියලා.සමහර ටොරන්ට් වල සිඩ්ස් පවා නැහැ.සමහර එවා අයින් කරලා.ඉතින් අපි සූම් එකේ කට්ටියම හිතුවා එහෙම තියන ඒ වගේ BRRIP කොපි එක ඇවිත්නම් එකටම අප්ඩේට් කරලා දෙන්න.මොකද ෆිල්ම් එකක් දැම්මට පස්සේ ඔන්න දැම්මා ඕක ඕන එකක් වෙන්න කියලා අතහැරලා දාන්නේ නැතුව අපි දිගටම දිපු හැම චිත්‍රපටියක්ම නිරන්තරයෙන් අප්ඩේට් කරනවා. මේක ඇත්තටම හොද වැඩක් නිසා අනිත් අයත් දැන් අපිව අනුකරණය කරලා මේක පටන්ගත්තට කමක් නෑ  ඇත්තටම මම මේ ෆිල්ම් එකේ මුලින්ම දුන්නේ R5 කොපි එකකට නේ ( ඒ කාලේ ඉතින් මේ වගේ කොපි තමයි නේ හොද) හැබැයි දැන් කාලේ වෙනස් වෙලා කට්ටියම බලන්නේ BRRIP නිසා ඕන්න මම මේ චිත්‍රපටිය ඒ පිටතකට හරි යන්න හැදුවා.පොඩි ලයින් ටිකක අඩුවක් තිබිලා එකත් හැදුවා.මගේ 5වැනි උපසිරැසි නිර්මාණය විදියට තමයි මේ චිත්‍රපටිය මම 2011 ජනවාරි මාසේ 6 වෙනිදා දුන්නේ.ගොඩක් අය ඉල්ලිම් කරලා තිබ්බා අලුත් පිටපත් වලට උපසිරැසි හදලා දෙන්න කියලා.ඔන්න ඒ ඉල්ලිම ඉටු කලා.මේක මම පෞද්ගලිකවත් ආස කරන චිත්‍රපටියක්.තාමත බැලුවේ නැත්නම් අනිවාර්යෙන් අරන් බලන්න.චිත්‍රපටිය ගැන ලිපිය අකුරක්වත් වෙනස් නොකර පහල එහෙමම දාන්නම්.එහෙනම් අලුත් කරපු පිටපත අරන් බලන්න.

කලින් පල කල ලිපිය.
මේක හරිම වෙනස් කතාවක්..මේක අනිත් එක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුවක්.ගුහාවක් ගැන ගවේෂණය කරන තාත්තා කෙනෙකුයි,පුතෙකුයි වටා ගෙතුන කතාවක් කිව්වොත් හොඳයි කියල මම විශ්වාස කරනවා. අපිට සමහරවිට කවදාවත් තාත්තා කෙනෙක්ව තේරුම් ගන්න බැරි වුනත් මේකේ ඉන්න ජෝෂ් කියන පුතාටනම් මේ ගුහාව ඇතුලෙදි තමන්ගේ තාත්තාව මුණගැහෙනවා.හැබැයි ජොෂ් තමන්ගේතාත්තව තේරුම් ගන්න කොට එයා හුගක් ප්‍රමාද වෙලා වැඩියි.ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකයෙක් මේ කතාව හදන්න දායක වෙලා තියෙනවා.ඒ තමයි ජේම්ස් කැමරන්.ඇවටාර්,ටයිට ැනික් වගේ කතා ඔයාලට මතක ඇතිනේ.ඒවා බලල පිස්සු වැටුන අය මේ කතාවටත් ගොඩක්ම ආසාවෙන එකේ කිසිම සැකයක් නෑ.අපි හැමදාම බලන යුද්ධ කතාවල තියෙන අභියෝගාත්මක බවත් ආදර කතාවල තියෙන සංවේදී බවත් සේරම එකතු වෙලා තියෙන මේ කතාව බලන්නම වටිනා එකක්. අරගෙනම බලන්නකෝ... 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* විසිනි

No comments

Powered by Blogger.