The Omen [2006] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මම දවසක් පුස්තකාලයට යද්දි ලස්සන කතාවක් තියන පොතක් හම්බුනා ඒකෙ නම The Omen යක්ෂයාගේ අනින් පැමිණි මිණිමරු පිල්ලිය. ඉතින් මම ඒ පොත කියවල මගෙ යාළුවෙකුටත් දුන්න කියවන්න.එයා තමා මේ ෆිල්ම් එක මට බාගත කරල දුන්නේ..ඉතින් මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි මට කොහෙන්වත් හොයාගන්න බැරි වුන නිසා මම උපසිරැසි නිර්මාණය කලා.ඉතින් මම පොත කියවල තියන නිසා මට මේක හුගක් ලේසි උණා. හරි මෙන්න මේයි කතාව රොබට් තොර්න් කියන්නෙ ජනාධිපති තුමාගෙ ආර්ථක උපදේශක සහ ලෝක ආර්ථක සංවිධානයේ සභාපති .ඔහුගේ බිරිද කැතරින් තොර්න්..මේ යුවලගේ එකම සිහිනය වුනේ දරුවෙකු ලැබීම නමුත් දෙවතාවක්ම ඔවුන්ගේ සිහිනය බොදවෙලා ගියා..තෙවන වතාවේදී රොමයේ රෝහලකදී දරුවා මිය යනවා..එම රෝහල භාරව ඉන්නෙ පියතුමෙක්, ඔහුගෙ නම ස්පිලේටෝ..ඔහු රොබට් තොර්න්ට හදාගැනීමට වෙනත් දරුවෙකු ලබා දෙනවා..ඒම දරුවගේ මවද දරුවා උපන්වෙලාවේදීම මිය ගොස් ඇති නිසා රොබට් තොර්න් මේ දරුවා හදාගන්න ගන්නවා.ඔහු මේ බව ඔහුගේ බිරිදගෙන් සඟවාගෙන ඉන්නවා .කාලය ගතවෙත්ම මේ දරුවා වටා අත්භූත සිදුවීම් සිද්ද වෙන්න පටන් ගන්නවා..කිසිදාක අසනීප නොවුනු මේ දරුවා යක්ෂයාගේ පුත්‍රයා බව රොබට් තොර්න්ට දැනගන්න ලැබෙනවා..ඔහු හා ඔහුගේ මිතුරු ජායාරූප ශිල්පියා කීත් ජෙනින්ස් සමග මෙහි ඇත්ත නැත්ත සොයා යක්ෂයාගේ පුත්‍රයා විනාශ කිරීම සැලසුම් කරනවා..එහිදී ඔවුන්ට විශාල කරදර වලට මුහුණ දෙන්න සිද්වෙනවා...ඔවුන්ට මේ කරදර වලින් බේරීමට හැකි වේවිද? ඔවුන්ට යක්ෂයාගේ පුත්‍රයා පරාජය කිරීමට හැකි වේවිද?බලන්න The Omen මේ film එක IMDB Rating 5.4 ලබාගෙන තිබුණත් පවුලේ සැමට එකට නැරඹිය හැකි ත්‍රාසය ,භීතිය ,ආදරය විදහාපාන චිත්‍රපටයක් බව මම සහතික වෙමි..මෙය අධ්‍යක්ෂනය John Moore විසින් වන අතර මෙහි කථාව ලියා ඇත්තේ David Seltzer විසිනි..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Lalith Malinda විසිනි

No comments

Powered by Blogger.