Awaarapan [2007] සිංහල උපසිරැසි සමගින්


ඔන්න මම තවත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා... මේක මගේ දහවෙනි උපසි‍රැසි නිර්මාණය.මං පලවෙනි එක කරද්දි කවදාවත් හිතුවෙ නෑ මට දහයක් කරන්න පුලුවන් වෙයි කියලා..ඇත්තටම මට සතු‍ටුයි උපසි‍රැසි දහයක් කරන්න ලැබුන එකට..ඒ වගේම මගෙ හැම උපසි‍රැසියකටම අදහස් දැක්වූ හා බාගත කරගත්ත හැමදෙනාටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. 

හරි එහෙනම් මේ චිත්‍රපටිය ගැන කියනව නම් මේක තිරගත වුනේ 2007දී.. ඒ වගේම IMDb 7.1 ඉහල අගයක් ගන්නට සමත් වෙලා තියෙනවා..ඒ වගේම මේක ඉන්දියාවේ හා පකිස්ථානයේ සම නිෂ්පාදනයක්.. පලමු වතාවට තමයි ඉන්දියාවයි පාකිස්ථානෙයි එක්ව චිත්‍රපටියක් නිෂ්පාදනය කරලා තියෙන්නෙ..ඒ වගේම කියන්න ඕන මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dhoom1,2, Gangster, Jannat 1,2, Race, Singh is Kinng, Love Ajj Kal වැනි සංගීතමය අතින් අතිශය ජනප්‍රියත්වයට පත් උන චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කරපු Pritam විසින්..මේ චිත්‍රපටයෙත් ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් උනා...එයත් එක හේතුවක් උනා මේකට උපසි‍රැසි කරන්න ‍තෝරා ගද්දි..ඒ වගේම මේකෙ රංගනයෙන් දායක වෙන්නෙ Imran Hashmi එක්ක Shriya Saran. කථාව ගැන කියනව නම් ශිවම් (Imraan Hashmi) කියන්නෙ හොංකොං වල ඉන්න ලොකු මැරයෙක් ලඟ වැඩ කරන කෙනෙක්.. ඉතින් ඔහු ශිවම්ට ඔහුගේ පෞද්ගලික ලොකු වැඩක් දෙනවා කරන්න.. ශිවම් කියන්නෙ අමුතුම විදිහකට ජීවත් වෙන කෙනෙක්.. ඇත්තටම ඒකටත් හේතුවක් තියෙනවා..ඉතින් මොකක්ද මේ ශිවම්ට බාරවෙන වැඩේ..ඔහුට ඒක කරන්න ගිහිල්ලා මුහුණපාන්න වෙන දේවල් මොනාද.. ඒ හැමදේම ඔයාලට දැනගන්න පුලුවන් චිත්‍රපටිය නරබලම.. සටන් ජවනිකා අඩුවක් නැතුව තියෙනවා වගේම ලස්සන ආදර කථාවකුත් මෙහි ගලාගෙන යනවා..මේ විස්තර කිව්වා ඇති නේද.. එහෙනම් හැමෝටම බලන්න කියලා කියන ගමන්ම ඔයාලගෙ අදහසුත් දක්වලා යන්න කියලා ඉල්ලා සිටිනවා...එහෙනම් මං ගියා..තවත් උපසි‍රැසි නිර්මාණයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු..හැමදෙනාටම සුභ දවසක්... 


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර අබේසිංහ විසිනි


No comments

Powered by Blogger.