Brave [2012] සිංහල උපසිරැසි සමගින්


The Hunger Games, Snow White and the Huntsman හා Disney ගේBrave යන චිත්‍රපට ත්‍රිත්වයේත් කරළියට බසින ශක්තිමත් පෞරුෂයක් හෙබි කාන්තා වීරවරියන් Batman,Spiderman,Men in Black යන සුපිරි ක්‍රියාදාම චිත්‍රපට සමග කරට කර නැගී සිටින්නේ එතෙක් ක්‍රියාදාම චිත්‍රපටවල තනි භුක්තිය උරුම කොටගෙන සිටි පුරුෂ පක්ෂයට අභියෝගයක් වෙමිනි.බැලූ බැල්මට එතරම් අසාමාන්‍ය දෙයක් සේ නොපෙනුණද පසුගිය වසරවලදී 20th century නිෂ්පාදනාගාරය විසින් එළි දැක්වුණු සෙසු චිත්‍රපට අතරින්හොදම චිත්‍රපට 10 අතරට ඒමට වරම් ලැබුණේ කාන්තා චරිත පෙරමුණ කරගත් චිත්‍රපට 2ක් පමණි.ඒ 2002 වසරේදී තිරගතවූ My Big Fat Greek Wedding හා 2008 වසරේ නිකුත් වූ Mamma Mia! යන චිත්‍රපට ද්විත්වයයි.කෙසේ වුවද අගෝස්තු 13 දා තිරගත වීම ඇරඹුනු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් වන Brave හි මෙරිඩා කුමරියගේ චරිතයට නම් වාසනාව උදා වූයේ,කාන්තා වීරවරියකට වීම විශේෂත්වයකි.

Brave චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Toy Story, A Bug's Life, Monsters, Inc., Finding Nemo, The Incredibles, Cars, Ratatouille, WALL-E වැනි සුප්‍රසිද්ධ ත්‍රිමාණ සජිවීකරණ චිත්‍රපට බොහෝමයක් නිෂ්පාදනය කල Pixar Animation Studios (Pixar) විසින්.මෙම චිත්‍රපටය Imdb Ratings වල 7.5/10 වැනි අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

කතාව ගැන කියනවනම් මෙහෙමයි.ෆර්ගස් කියලා ස්කොට්ලන්තේ රජ කෙනෙක් ඉන්නවා,ඔහු සහ ඔහුගේ ‍රැජිණ ඔවුන්ගේ එකම දියණියගේ උපන්දිනේට දුන්නක් තැගි කරනවා.ඔවුන්ගේ දූ කුමරියගේ නම් මෙරිඩා,ඔන්න ඉතින් මේ පුංචි මෙරිඩා දුන්නෙන් විදින හැටි ඉගෙන ගනිමින් සිටින අතරතුර අත්භූත නිල් පාට එලි වගයක් දකිනවා,ඔය අතරේ මෝර්ඩු කියලා විශාල වලහෙක් මොවුන්ගේ පවුලට පහර දෙනවා,මෙරිඩා තම මව් ‍රැජිණ සමග පලා ගොස් තම පියා මෝර්ඩුත් සමග සටන් කරන හැටි බලන් ඉන්නවා,ඒ ඇතිවන සටනින් ෆර්ගස් රජුගේ කකුලක් අහිමි වෙනවා.

අවුරුදු කිහිපයකට පසු......
මෙරිඩා කුමරිය දැන් තරුණ වයසේ පසුවන අතර දුණු ශිල්පයටත් දක්ෂ කෙනෙක්.ඒ වගේම ඇයට මල්ලිලා තුන්දෙනෙකුත් ඉන්නවා.ඔන්න දැන් මෙරිඩා කුමරියව විවාහ කර දෙන කාලයත් පැමිනිලා.කුමරියව විවාහ කර දීම සදහා සියළුම වංශවතුන්ව ‍රැස්කර තරගයක් පවත්වනවා.ඒත් මෙරිඩා කුමරිය දැන්ම විවාහ විය නොහැකි බව පවසනවා,ඊටපස්සේ අම්මගේ හිත වෙනස් කරන්න මායාකාරියක් මෙරිඩා කුමරියට හූනියමක් දෙනවා,හුනියමෙන් අම්මගේ හිත වෙනස් වෙයිද? 
ඔන්න මම කතාවේ රසය නැති වෙන විදිහට මුල් විනාඩි කිහිපය තමයි කිව්වේ, දැන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ,චිත්‍රපටය නරඹලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික විසිනි


No comments

Powered by Blogger.