CHAINED [2012] සිංහල උපසිරැසි සමගින්


මේ තමයි මගේ 4 වන නිර්මාණය.ලයින් අඩු නිසා ටිකක් ඉක්මනට කරන්න කරන්න පුළුවන් වුණා.මේක නම් මම බලපු චිත්‍රපට වලින් වෙනස්ම නිර්මාණයක්.මේකට imdb හි 6.2 ක ප්‍රතිචාර ලැබිල තියනවා. Horror | Thriller ලෙස වර්ග කරල තියන මෙම චිත්‍රපටය අධ්‍යක්ශනය කරල තියෙන්නේ Jennifer Chambers Lynch වේ.Surveillance (2008)/Boxing Helena (1993) Hisss (2010) වැනි නිර්මාණ කර ඇති හොදම අධ්‍යක්ශකවරියක් ඇය.Vincent D'Onofrio, Eamon Farren මොවුන් මෙහි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා මෙම චිත්‍රපටය 2012 නිකුත් වූ එකක් නිසා වැඩි දෙනෙක් මේක බලල නැතුව ඇති. බලල තින අයයි නැති අයයි දෙගොල්ලොම උපසිරැසිත් එක්ක දැන් බලන්න පුලුවන් කතාව ගැන කියනවා නම්

මේ කතාව මම කිවුවා වගේ ටිකක් අමුතුයි.ගැණු කෙනෙක් හා එයාගේ අවුරුදු 9ක් වයස පුතාවයි එක්තරා කැබ් රථ රියදුරෙක් පැහැරගන්නවා. පැහැරගත් පුද්ගලයා විසින් ගැණුකෙනාව මරලා දානවා.හැබැයි එයාගේ පුතාව පණ පිටින් තියනවා.එම පුද්ගලයා විසින් මේ ළමයව නිවසක හිර කරනවා.ඔහු පැනලා ගියොත් මරණ බවට තර්ජනය කරනවා.ඒ ළමයගේ ජිවිතය අපායක් කරන්න මේ කෘර මනුස්සයා තිරණය කරනවා.ඔහු කරන නරක වැඩසියල්ලටම මේ ළමයට උදව්කරන ලෙස ඔහු බලකරනවා.අවුරුදු 20ක් පමණ මොහු මේ විදියට අර මනුස්සයාගේ පහත් ක්‍රියාවන් වලට උදව් දෙමින් ඉන්නවා.නමුත් දිනක් ඔහුට පෙට්ටියක තිබු ලිපියක් ලැබෙනවා.මේ ලිපියේ තියන දේ දැක්කම මොහුට අදහාගන්න බැරිවෙනවා වෙලා තියන සිදුවිම ගැන.ඇත්තටම මේ ළමයා අවුරුදු ගානකට ඉහතදි පැහැරගෙන වදිදිලා තියාගත්තේ කුමන හේතුවක් නිසාද? මොවුන් පැහැරගත් මනුස්සයා කවුද? මේ හැමප්‍රශ්නයකට විස්තර මේ චිත්‍රපටිය තුල තියනවා. එහෙනම් නැවත හමුවනතුරැ ජයවේවා!!!!!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සඳුන් නදීෂ විසිනි


No comments

Powered by Blogger.