Madagascar 3: Europe's Most Wanted [2012] සිංහල උපසිරැසි සමග


මේක මගේ තෙවන උපසිරැසි ගැන්වීම. පළමු එකටත් හොඳ ප්‍රතිචාර තිබුණා, ඒ ගැන හැමෝටම ස්තූති වෙන ගමන් මේ ලබාදෙන්නේ අපි හැමෝම ආසාවෙන් බලපු Madagascar කතාමාලවේ තුන්වැන්න. මේ වන විට IMDB Ratings 7.2/10 ක් ම ලබාගෙන තිබීමෙන් මේකේ ජනප්‍රියත්වය හිතාගන්න පුළුවන් නේද. වාර්තාවල පළවෙන විදියට නම් බොහෝවිට මීලඟ මාස 3 ඇතුළත මේ චිත්‍රපටිය IMDB top 250 වලට ඇතුළත් වීමට ඉඩ තිබෙනවා.කතාව ගැන කියනවානම්, කතාවේ ප්‍රධාන චරිත ටික අප්‍රිකාවේ වනාන්තරයක අතරමං වෙලා ඉන්න දර්ශනයකින් තමයි පටන්ගන්නේ. අනිත් කතා දෙකටම වඩා මේ කතාව සුවිශේෂියි. ඒ මෙම කතාවේ සත්තුන්ට පැහැදිලිවම සතුරෙක් සිටීම. පෙර චිත්‍රපටි දෙකේම සාමාන්‍ය විදියට දිගඇරුණු කතාමාලාව මේ චිත්‍රපටියෙන් වෙනස් කරලා, මේක වික්‍රමාන්විත කතාවක් බවට පත් කරලා තියෙනවා. කතාවේ මුල සිටම සතුන් මෙම සතුරාගෙන් බේරී පලායන ආකාරය, ඒ අතරතුර රසවත් සිදුවීම් විශාල වශයෙන්, අවසානයේ මහා සටනකින් කතාව ඉවර වෙන ආකාරය අලංකාරව නිපදවා තිබෙනවා. පෞද්ගලිකව මට නම් ගොඩක්ම හිතට ඇල්ලුවේ පෙන්ගුවින් කණ්ඩායමේ දක්ෂතා තමයි.. ඔයාලත් මේක රසවිඳලා සතුටු වෙන්න...

-----------------------------------------------------

Madagascar 3 සංක්ෂිප්ත කතාව මෙහෙමයි.

ඇලෙක්ස්, මාටි, ග්ලෝරියා, මෙල්මන් හතරදෙනා අප්‍රිකාවේ කැලෑවේ දාලා පෙන්ගුවින්ලා එයාලගේ ගුවන්යානයෙන් නගරයට යන සිදුවීමකිනුයි කතාව පටන් ගන්නේ. ඒත් පෙන්ගුවින්ලා ඒ අයව කැළැවෙන් ගන්න නැවත එන්නේ නෑ. ඒ නිසා යාලුවෝ කට්ටිය පෙන්ගුවින්ලාව හොයාගෙන නගරයට යනවා. එහෙදී සත්තු නිසා නගරයේ ලොකු කලබලයක් ඇති වෙනවා. කලබලය නිසා නගරයේ පොලීසිය විසින් සතුන් අල්ලන්න දක්ෂ ප්‍රංශ ජාතික නපුරු කපිතාන්වරියක් ගෙන්වනවා. ඇය මේ සතුන් හඹායනවා. සතුන් ඇගෙන් බේරෙන්න පලායනවා. ඇය උත්සාහා කරන්නේ කොහොමහරි ඇලෙක්ස් සිංහයාව මරා දමා ඇගේ සතුන් එකතුවට ඔහුවත් එකතුකරගන්න. සතුන් ගුවන්යානයෙන් යන අතරමගදී යුරෝපයේදි ගුවන් යානය කඩාවැටෙනවා. එහිදී පොලීසියට අසු නොවී සතුන් බේරෙන්නේ සර්කස් එකකට යන තවත් සතුන් ඉන්නා දුම්රියකට නැග සැඟවීමෙන්. ඒ සතුන් මොවුන්ව බේරාගැනීමට කැමති වන්නේ, ඇලෙක්ස් එක් බොරුවක් කී පසුයි. බොරුව තමයි තමනුත් ඔවුන් වගේම සර්කස් කණ්ඩායමක් බව. ඔවුන් එය විශ්වාස කරනවා. ඉන්පසු සතුන් ඒ සර්කස් එක මිලදී ගන්නවා. ඔවුන් ගේ සර්කස් කරගෙන යන අතරතුර ඔවුන්ට ඇමරිකාවට යන්න අවස්ථාවක් සැලසෙනවා. ඒත් නපුරු කපිතාන්වරිය ඇලෙක්ස් සොයාගෙන ඇමරිකාවටත් එනවා. ඒත් අන්තිමට සතුන්ගේ සර්කස් දක්ෂතාවලිනුයි, ඇලෙක්ස්ගේ නැටුම් දක්ෂතාවලිනුයි ඔවුන් ඒ කපිතාන්වරිය පරාජය කරනවා. මේ කතාව පුරාම පෙන්ගුවින්ලාත් ඔවුන්ගේ සියලුම දක්ෂතා පෙන්වනවා. ඒක විශේෂයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රිමාල් විසින.


No comments

Powered by Blogger.