Snakes On A Plane [2006] සිංහල උපසිරැසි සමග


ඔන්න අලුත් වැඩ අතරතුරදී කට්ටියටම බලන්න පුළුවන් නියම චිත්‍රපටියක් අරන් ආවා... මේක බලපු අය නම් ගොඩක් ඇති. කවුද කැමති සර්පයින්ට? මම නම් බයයි  සර්පයින්ගේ දරුණුබව හොඳින්ම පෙන්වන චිත්‍රපටියක් හැටියට නම් දරාපු මේ Snakes on a Plane චිත්‍රපටිය 2006 වසරේදී තිරගතවූ චිත්‍රපටි අතරින් ඉතාම ජනප්‍රිය වුණා.. මට මතකයි ඒ දවස්වල ටීවී එකේත් දැන්වීම් ගියා  අපි කවුරුත් දන්නා ඉතා දක්ෂ නළුවෙකු වන, Avengers, Captain America, Unbreakable, Thor, Iron Man, Iron Man 2, Star wars වැනි ඉතා ජනප්‍රියත්වයට පත් වූ චිත්‍රපටවල රංගනයෙන් වගේම Grand Theft Auto San Andreas, Call of Duty Modern Warfare 3 වැනි ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවල කටහඬින් දායක වූ Samuel L. Jackson තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය රඟපාන්නේ..

දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්,
හවායි දූපතේ නිවාඩුවට මෝටර් සයිකලේ නැගලා සවාරියක් යන තරුණයෙක් අහම්බෙන් දකිනවා රහස් තැනක සිදුවන මරණයක්.. ඒ මරණය සිදුකරන ඝාතකයිනුත් මෙයාව දකිනවා. ඊටපස්සේ සාක්ෂි ඉතුරු නොවෙන්න මෙයාවත් මරන්න ඝාතකයින් උත්සාහා දරනවා. ඒත් මෙයා පොලීසියේ ආධාරයෙන් ගුවන් යානයක නැගිලා නැවත ඇමරිකාවට යනවා.. ඒත් ඝාතකයින් මෙයාව ඉවරයක් කරන්න මේ ගුවන් යානයට ඉතා දරුණු අමුත්තන් පිරිසක් දමනවා.. මේ අමුත්තන් කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ... ඒ ගුවන් යානයේ මගීන් ජීවිත බේරගෙන ගුවන් යානයත් වට්ටගන්නේ නැතිව ඇමරිකාවට යන ආකාරය තමයි මේ චිත්‍රපටිය පුරා දිවෙන්නේ.. එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.ලොකු පොඩ්ඩෝ විතරක් මේක බැලුවොත් හොදයි කියලත් කියන්න ඕන. 

ඔබගේ පහසුව සලකා මේ සඳහා dvdrip හා brrip යන දෙවර්ගයටම අදාලව උපසිරැසි නිකුත්කර ඇතිබව කරුණාවෙන් සලකන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි


No comments

Powered by Blogger.