Stolen [2012] සිංහල උපසිරැසි සමගින්


කොහොමද යාළුවනේ මගේ පස්වැනි උපසිරැසි නිර්මාණය එකක් තමයි මම අද ඔයාලව හමුවෙන්න එන්නේ.මේ පාර මම වෙනදා වගේම අනිවා මැක්සාම කතාවක් අරගෙන ආවා.මේ ෆිල්ම් එක නම් කලින්ම ආවත් හොද උපසිරැසි එකක් ආවේ නෑ.හොද ඉංග්‍රිසි උපසිරැසි එකක් නිකුත් උනාට පස්සේ මම ඔන්න උපසිරැසි දාන්න පටන් ගත්තා.මොකද අපේ යාළුවන්ට දෙන්නම් වාලේ ආවට ගියාට අපිට හිතෙන දේ දාලා සබ් දෙන්න බැනේ.එක නිසා 100%ක්ම නිවැරිදි විදියට උපසිරැසි ගන්වන්න නිතරම මම උතසහා කලා.මම හිතන්නේ ඒක සාර්ථක වෙලා ඇති.ඒක තිරණය කරන්න පුලුවන් ඔයාලට තමයි.

හරි මෙන්න මේකයි කතාව විල් හා වින්සන්ට් ඇතුලු කණ්ඩායම බැංකුවක් මංකොල්ලකන්න පැලැන් එකක් හදනවා.මොවුන් මොවුන්ගේ සැලැස්මේ හැටියට තමන්ගේ වැඩේ නිම කරනවා.ඒ කියන්නේ බැංකුව මංකොල්ලකනවා.ඩොලර් මිලියන 10ක් විතර මොවුන් සොරකම් කරනවා.නමුත් අතර මගදි වෙන සිදුවිමක් කණ්ඩායම දෙකට බෙදෙනවා.විල් තනිවෙන අතර වින්සට් ඇතුළු අනිත් කණ්ඩායම පැන යනවා.විල් ව පොලිසියට හසුවෙනවා.විල් ගාව තමයි හොරකම් කරපු සල්ලි සියල්ලක්ම තියෙන්නේ.නමුත් විල්ව පොලිසිය අත්අඩංගුවට ගන්න විටදි ඔහුගාව මුදල් තියෙන්නේ නෑ.විල්ට වසර 8කට සිරදඩුවම් නියම වෙනවා.පොලිසිය හා මොවුත් එක්ක හොරකම් කරපු වින්සට් පවා හිතන්නේ විල් පොලිසියට හසුවෙන්න කලින් සල්ලි ටික කොහේ හරි හංගන්න ඇති කියලා.විල් හංගපු සල්ලි ගන්න වින්සට් උපායක් කල්පනා කරනවා.ඒක නම් හොද එකක් වෙන්නේ නෑ.ඇත්තටම ඒ උපාය මොකක්ද?
එතකොට ඇත්තටම විල් පොලිසියට හසුවෙන්න කලින් මුදල් සැගවුවද?මේ සියල්ල දැන ගන්න ඔයාට මේ කතාව බලන්න වෙනවා.මේ කතාව පවුලේ සැමට බලන්න පුලුවන් හොද ක්‍රියාදම චිත්‍රපටියක් වනවා නිසැකයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රසාන් පෙරේරා විසිනි


No comments

Powered by Blogger.