The Amazing Spiderman (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි මේ කොමික් කලාව. කොමික් පොත්, කොමික් කාටුන්, කොමික් චරිත සහිත ඇඳුම් පුංචිකාලේ ඉඳලම මම ආදරය කරන විනෝදාංශයක්. ලෝකේ ප්‍රකට කොමික්ස් සමාගම් දෙකක් තියෙනවා එකක් තමයි Marvel කොමික්ස් කියන්නේ , අනෙක් සමගම තමයි DC කොමික්ස් කියන්නේ. මේ 2012 වසර මේ දෙගොල්ලන්ටම සෑහෙන්න තරඟකාරී වසරක් වුන. Marvel කොමික්ස්ලා Avengersචිත්‍රපටය තිරගත කරනකොට DC කොමික්ස් ලා ඔවුන්ගේ Batman චරිතය පාදක කරගත්The Dark Knight Rises චිත්‍රපටය එළිදැක්වූවා. ඉන් පසුව Marvel කොමික්ස්ලා Spider-Man එළිදක්වන විට DC කොමික්ස්ලා සුදානම් වෙනවා ඔවුන්ගේ ප්‍රසිද්දම කොමික්ස් චරිතය වන Superman චරිතය ඇතුලත් Man of Steelචිත්‍රපටය එළිදැක්වීමට. 


කෙසේනමුත් අද ඔබට මේ තිලින කරන්න යන්නෙ ලෝක ප්‍රසිද්ද "Spider-Man" කියන කොමික් චරිතය පාදක කරගත් නවතම චිත්‍රපටයක්. Spider-Man කියන්නේ Marvel කොමික්ස් අයිතිය දරන ලොව ප්‍රසිද්ධම කොමික්ස් චරිතයක්. විශේෂත්වය වෙන්නේ මෙම Spider-Man චරිතය ලොවට දායාද කර මේ වසරට හරියටම වසර 50ක් සමවෙනවා. Spider-Man කියන චරිතය ලොවට දායාද කෙරුවේ මර්වල්ස් වෙනුවෙන් Stan Lee නම්වූ ඇමරිකානු ජාතිකයා. ඔහුගේ මෙම Spider-Man චරිතය කොතරම් ප්‍රසිද්ද වුනාද කියතොත් අද ඔහු තමයි ලොව විශාලතම කොමික්ස් සමාගම වන "මර්වල්ස් කොමික්ස්" සමාගමේ සභාපති සහ අයිතිය දරන්නේ. ඔහු අතින් බිහිවුන තවත් ලොව ප්‍රසිද්ද කොමික්ස් චරිත තමයි Hulk, X-Men, Fantastic Four, Iron Man, Thor කියලා කියන්නේ. කවුරුත් දන්නා දෙයක් නේ ස්පයිඩර් මෑන් කියන වෙස් මුහුණ ඇතුලේ සිටින්නේPeter Parker කියන තරුණයා කියලා. ස්පයිඩර් මෑන් කොමික්ස් කතා මාලාව තුල ස්පයිඩර් මෑන් ගේ කතාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඔහුගේ පාසල් කාලය තුල පාදක වූ කතා පෙළ සහ ඔහු පාසලෙන් පසුව තරුණ වියට පතුවූ පසු රැකියාව කරන කාලය තුල ජිවන කතාව. මෙහිදී ඔහුට අදර වන්තියන් දෙදෙනෙක් සිටිනවා. පාසල් වියේදී තමයි ඔහුට Gwen Stacy නම් වූ තරුණිය මුණ ගැසෙන්නේ. මේ අපි දීලා තියෙන චිත්‍රපටයේත් අදර වන්තිය වෙන්නේ Gwen Stacy නම්වූ පාසලේදී මුණගැසෙන තරුණියයි. අනෙත් ආදර වන්තිය වෙන්නේ Mary Jane Watson නම්වූ තරුණියයි. ඇත්තටම ඇයව මුණගැසෙන්නේ Gwen Stacy හට සිදුවන මරණයෙන් පසුවයි. ඔබ මීට පෙර නිකුත්වූ කොටස් තුනකින් සමන්විත Spider-Man චිත්‍රපට ත්‍රිත්වය ඔබ නැරඹුවා නම් ඇය තමයි ඒ චිත්‍රපටි ත්‍රිත්වයේ පීටර් පාර්කර්ගේ පෙම්වතිය වෙන්නේ. 



මම කලින් කියුවා වගේ මේ චිත්‍රපටයට කතා තේමාව වෙන්නේ පීටර් පාර්කර්ගේ පාසල් යන තරුණ කාලයයි. කතාව නම් ඉතින් සම්ප්‍රදායික ලෙස පීටර් පාර්කර් හට මකුළුවෙකු දෂ්ට කිරීමෙන් ඇතිවෙන, අසාමාන්‍ය ශක්තියත් සමග ඔහුට මකුළුවෙකු හා සමාන ලක්ෂණ ලැබෙනවා. ඒ සමඟම පීටර් ගේ මියගිය පියා සමඟ එක්ව වැඩකරපු වෛද්‍ය වරයෙකු වර්තමානයේ දෙමහුන් කුල ජාන විද්‍යාව සම්බන්දයෙන් පරීක්ෂණ කරනු ලබනවා. සරලව කියනවනම් හූනන් වැනි සතුත් සතුව ඇති, ඔවුන්ගේ වලිගය වැනි ඉන්ද්‍රියක් නැවත වර්දනය කරගැනීමේ හැකියාව එම DNA අනු තුලින් වෙනත් සත්වයෙකුට ලබාදීමේ හැකියාව ගැන පරීක්ෂණ. කෙසේ හෝ මේ කරන පරීක්ෂණ වලට පීටර්ගේ සහාය සහිතව ඩොක්ටර් කර්ට්ස් කෝනර්ස් හට එම අරමුණ සැබෑ කරගන්න හැකිවෙනවා. මේ ඩොක්ටර් කර්ට්ස් කෝනර්ස් කියන වෛද්‍ය වරයාගේත් එක අතක් අහිමිවයි සිටින්නේ. ඒ නිසා ඔහුට අවශ්‍ය වෙනවා මේ නවතම දෙමහුන් කුල ජාන විද්‍යා අනුව තුලින් තමාගේ නැතිවී ගිය අත නැවත වර්දනය කරගැනීමට. නමුත් සිදුවෙන ද්‍යෝෂයක් නිසා මුළු සිද්දි ජාලයම උඩු යටිකුරු වෙනවා. ඔන්න ඕක තමයි චිත්‍රපටයේ සාරාංශය වෙන්නේ. 



මේ ලිපිය මම ඔබට උපසිරැසි සඳහාම නොව ඔබේ දැනුම ටිකකින් හෝ වැඩිකිරීමට රුකුලක් වෙන අයුරින් මම සකස් කෙරුවා. ඒ නිසාමයි වැඩිදුර විස්තර සොයාගැනීමට ලෙහෙසි වෙන අයුරින් සබැඳි පවා ලබාදීලා තියෙන්නේ. මම හිතනවා ඔබත් ඔබේ දැනුමට යමක් හෝ එකතුකරගත්තා කියලා. 



මම දෙයක් අවසානයේ අහනවා. ඒ තමයි ඔබ පසුගිය ස්පයිඩර් මෑන් චිත්‍රපටය නැරඹුවා නම් එහිදී ස්පයිඩර් මෑන් චරිතය නිරුපනය කරනු ලැබූ Tobey Maguire සහ මේ නවතම ස්පයිඩර් මෑන් චිත්‍රපටයේ එම චරිතය නිරුපනය කරන Andrew Garfield දෙදෙනා අතුරින් මෙම ස්පයිඩර් මෑන් නම් වූ වසර 50ක් අතීතයක් දරන කොමික්ස් වීරයාගේ චරිතයට වැඩිම සදාරණයක් ඉටු කරලා තියෙන්නේ කවුද කියන ඒකයි. ඉතින් එහෙනම් චිත්‍රපටය නරඹා අවසානයේ ඒකටත් කමෙන්ට් එකකින් උත්තරයක් ලබාදෙන්න අමතක කරන්න එපා. 



ඒ වගේම මෙහි උපසිරැසි කරණයේ නොයෙකුත් වෛද්‍ය වචන වලට හරියටම හරියන වචන සොයදීමේදී උදවුවුණු සගයින්ටත් ස්තූති කරනවා. අනෙත් කාරණය මෙහි උපසිරැසි ගැන්වීමේදී කිසිදු වචනයක් හෝ වාක්‍යක් හලා උපසිරැසි කරලා නැහැ. සියලුම දෙබස් නියම සහ හරියාකාර තේරුම සහිත වචන යොදා පරිවර්තනය කර තිබෙනවා. එහෙනම් තවත් ජගත් සිනමාවතුල පෙරලියක් ඇතිකරනු ලැබූ කොමික්ස් වීරයකුගේ චරිතය ඇතුලත් චිත්‍රපටයක් උපසිරැසි සමඟ ළඟදීම රැගෙන එන බලාපොරොත්තුව මත සමුගනිමි. 

නවතම නිකුත් වු DVD RIP සදහා උපසිරැසි යාවත්කාලින කර ඇති අතර ඔබ සතුව ඇති පිටපතට ආදාල උපසිරැසි ලබාගන්න. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර (රොකියා) විසිනි

No comments

Powered by Blogger.