The Girl Next Door [2004] සිංහල උපසිරැසි සමග




The Babymakers චිත්‍රපටියට ලැබුන ප්‍රතිචාර නිසා ඒ වගේම තවත් චිත්‍රපටියක් ඔබ වෙත ගෙන්න හිතුවා.ඇත්තටම මෙවැනි චිත්‍රපටි කවදාවත් රුපවාහිනි නාලිකාවවත් විකාශය වෙන්නේ නැති නිසා මේ චිත්‍රපටිය හොදයි කියලා හිතුන නිසාත් මම මේකේ උපසිරැසි කරන්න හිතුවා.හරි වැඩි කතා නොකියා කෙලින්ම චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් දෙන්නම්.මේ චිත්‍රපටියට IMDB හි 6.8 ඉහල අගයක් ලැබිලා තියනවා.මැතිව් කියන්නේ කැම්පස් එකේ අවසාන වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් මෙයාට යාලුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ අයත් එක්ක නිහඩ ජිවිතයක් තමයි ගත කරන්නේ.අනිත් කැම්පස් එකේ ළමයි ක්ලාස් කට් කරලා රවුම් ගහනවා ගැණු ළමයි එක්ක යාලු වෙනවා එත් මැතිව්ටයි මේ යාලුවෝ දෙන්නටයි ඒ විදියේ විනොදයක් තියා අඩුම තරමේ ගැණු ළමයෙක් වත් යාලුවෙන්නේ නෑ.ඔවුන් උත්සහා කලාත් අසාර්ථකයි.මෙහෙම කාලේ ගෙවෙන කොට මැතිව්ගේ අල්ලපු ගෙදරට ගැණු ළමයෙක් පදිංචියට එනවා.ඇය මැතිව්ගේ ජිවිතේම වෙනස් කරන්න ගන්නවා.ඇය ටිකක් විවෘත කෙනෙක් ජිවිතේ ගැන නිදහසේ හිතන කෙනෙක් වැඩි බරක් ගන්නේ නැති කෙනෙක් කියලා මැතිව්ට හිතෙන්න ගන්නවා.ඇත්තටම මේ දෙවල් නිසා මැතිව් ඇයට සිතින් ආදරය කරන්න පටන් ගන්නවා.එත් එක දවසක් මැතිව්ගේ යාලුවෙක් මැතිව්ට විඩියෝ පටයක් පෙන්වනවා.ඒ විඩියෝ පටයේ ඉන්නේ මේ අල්ලපු ගෙදර පදිංචියට ආපු තමන් හිතින් ආදරය කරන ගැණු ළමයා ඩැනියලි.එක එසේ මෙසේ විඩියෝ එකක් නෙමෙයි.අසභ්‍ය විඩියෝ එකක්.ඇය ඇත්තටම කරන්නේ ඒ වගේ විඩියෝ වල ඉන්න එක.මැතිව්ට මුලින් එක හිතාගන්නවත් බැරි වෙනවා.නමුත් ඇත්ත ඒක.මැතිව් හදනවා ඇයව අමතක කරන්න නමුත් ඔහුට ඒක කරන්න වෙන්නේ නෑ ඔහු ඇත්තටම ඇයට ආදරය කරන්න පටන් අරන්.ඔහු දැනගන්නා ඇයත් ඔහුට කැමතියි කියලා.නමුත්...කවුද කැමති පොන් ස්ටාර් කෙනෙක්ට ආදරය කරන්න එයාව විවාහ කරගන්න?නමුත් මැතිව්ගේ ආදරය ඒ සියල්ල අමතක කරනවා ඔහු හිතනවා ඇයව ඒ දෙවල් වලින් ගලව ගෙන නැවත ඇයට හොද ජිවිතයක් දෙන්න..
නමුත් හිතන්නෙවත් නැති විදියට මේ සේරම දේවල් අවුල් වෙනවා වැරදි දෙයක් කරනන් පටන්ගත්තොත් එයින් ගැල්‍විම අපහසුයිනේ තමන් පසුපස කරපු දේවල් හොයාගෙන එනවනේ.මේ දෙවල් වලින් ඩැනියලි ව බේර ගෙන මැතිව්ට ඇයව ලබා ගන්න පුලුවන් වෙයිද? මැතිව්ගේ ජිවිතේ මොනා වෙයිද? මැතිව්ගේ දෙමව්පියන්,පාසලේ කට්ටිය මේ දෙවල් දැනගනිද? මේ සියල්ල දැනගන්න මේ චිත්‍රපටිය නරඔන්න.මම කියපු කතාවත් එක්ක තේරෙනවා ඇතිනේ මේක ටිකක් වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක්.එක නිසා එහෙම අය විතරක් බලන්න.ගිහින් එන්නම් තවත් හොද චිත්‍රපටියක් අරන්.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ජයතිස්ස විසිනි

No comments

Powered by Blogger.