The Hangover 2 [2011] සිංහල උපසිරැසි සමග


හරි එහෙනම් ඔන්න කලින් දුන්න The Hangover චිත්‍රපටියේ 2011ඳී එලියට ආපු The hangover part II එකේ සිංහල සබ් එක ගෙනාවා. කලින් එක දාපු ගමන්ම එලටම ප්‍රතිචාර තිබුනා. ඉතිං ඔන්න කොහොම හරි දවසක් වගේ ඇතුලට රාජකාරි මැද්දේ මේකත් ඉවර කරා. කතාව ටිකක් කියන්නම්.මතකනේ පළවෙනි චිතුපටියේඳී වෙන දේ. එයාලට Dougව මඟ ඇරෙනවනේ. ඉතිං ඒ සීන් එක ආයෙත් වෙනවා. හැබැයි Dougව නම් නෙමෙයි. මේ නැතිවෙන්නේ Teddy කියලා කෙනෙක්. Stu පළවෙනි චිත්‍රපටියේඳී බඳින්න හිටපු කෙනා නෙමෙයි බඳින්නේ. ඒ කියන්නේ එයා තායිලන්තයේ කෙල්ලෙක්ව තමයි බඳින්නේ. කොහොම හරි ඉතිං මේකෙත් කලින් එකේඳී වගේ Stuත් චාරිකාවක් යන්න සෙට් වෙනවා. ඉතිං මේකටත් කලින් වගේම එයාගේ යාළුවෝ තුන්දෙනා තමයි සෙට් වෙන්නේ. කොහොම හරි ඉතිං ඔන්න ගිය පාර වෙච්ච දේ කට්ටයිටම හොඳටම මතක හින්දා වැඩිපුර බොන්නේ නෑ. ඒත් ඇත්තටම ඒක මේ පාරත් සිද්ධ වෙනවා. අන්තිමේඳී මොකද වෙන්නේ. ටෙඩීව කට්ටියටම හම්බවෙයිද? ඒවගේම මේකෙ සුපිරි ආතල් ගොඩකුත් තියෙනවා.
පොඩ්ඩක් ඉතිං පොඩි අයට බලන්න බැරි ඒවත් තියෙනවා ඉතිං. කට්ටියට අවසානෙටම කියන්න තියෙන්නේ බලන්න. බලල හිනාවෙන්න. ඇත්තටම මට මේකටනම් උපසිරැසි දාද්දීත් හිනායනවා හරි එහෙනම් මම ගියා.. හැමෝටම ජයවේවා!! අලුත් උපසිරැසියක් එක්ක හම්බවෙමු...


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි



No comments

Powered by Blogger.