Alien [1979] සිංහල උපසිරැසි සමගින්


කට්ටිය බලාවි මෙච්චර පරණ ෆිල්ම් මොකටද කියලා. මුලින්ම මම කියන්න ඕන මේක ඔයාලා එක පාරක් බැලුවොත් ආයෙත් බලාවි! මට ඒක සියයට දාහක් ෂුවර්! අනිවාර්යෙන්ම ඔයාලා බලනවා.

කතාව මෙහෙයි. “නොස්ට්‍රොමෝ“ කියන්නෙ පෘථිවිය වෙතට පැමිණෙමින් ඉන්න යානයක්. ඒ ලෝපස් ටොන් මිලියන විස්සකුත් එක්ක. ඒ වගේම කණ්ඩායමේ මිනිසුන් 7 දෙනෙක් ඉන්නවා. මෙහෙය යානය යන අතරේ එක්තරා නොදන්නා ග්‍රහ වස්තුවකින් සංඥාවක් එනවා. ඒක සෑම තත්පර 12කටම වරක් එනවා. 

මේ නිසා යානය, ඒ කියන්නෙ “අම්මා“ විසින් යානයේ ශිෂිර නින්දේ ඉන්න කණ්ඩායමම අවදි කරනවා. ඊට පස්සෙයි එයාලා හොයල බලනකොට දැනගත්තෙ නොදන්නා ග්‍රහලෝකයකින් එනවා කියලා. එයාලා අනුමාන කරනවා බුද්ධිමත් ජීවීන් කොට්ටාසයක් එහි ඉන්නවා ඇති කියලා. ඉතින් මෙයාලාට වැඩිපුර සල්ලිත් ලැබෙන නිසා එයාලා යනවා.ඔවුන් සෙයාගන්නවා ඒ සංඥාව එන්නෙ ග්‍රහලෝකයේ තියෙන කඩාවැටුනු පිටසක්වල යානයකින් කියලා. ඒකට ගිහින් සොයා බලද්දි එහි මනුස්සයෙකුට සමාන පිටසක්වල ජීවියෙකුගෙ ෆොසිලයක් අහුවෙනවා. ඔහු මියගිහින් තියෙන්නෙ ඇඟ ඇතුලෙන් යමක් එලියට ඇවිල්ලා. මේ අතරේ කණ්ඩායමේ එක් අයෙකුට අනතුරක් සිදුවෙනවා.ඇත්තටම ඒ වෙලා තියෙන්නෙ මොකක්ද? පිටසක්වල ජීවියා මියගියේ කෙසේද? අපේ කණ්ඩායමේ අයට කුමක් සිදුවේවිද? අනිවාර්යෙන්ම චිත්‍රපටය බලන්න ඔයාලා.

එකදිගටම බලන්න බුලුවන් හරිම ආස හිතෙන චිත්‍රපටයක් මේත. 20th Century Fox සමාගම නිපදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො.$104,931,801 ආදායමක් ලැබිලා තියෙනවා. ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය, හොඳම විද්‍යාත්මක චිත්‍රපටය, හොඳම විශේෂ ප්‍රයෝග සඳහා වන ඇකඩමි සම්මානය, හොඳම සහය රංගනය ඇතුලු සම්මාන පිට සම්මාන ලැබුනු චිත්‍රපටයක්.

මෙච්චර ඉස්සර මේ වගේ දැවැන්ත නිර්මාණයක් කෙසේ නිර්මාණය කලාද කියල මටවත් හිතාගන්න බෑ. මම ඔයාලට දෙන්නෙ මේ චිත්‍රපටයේ නැවත නිර්මාණය කල 720P HD චිත්‍රපටය. නැවත නිර්මාණය කලා කිව්වෙ එහි ගුණාත්මක බව. ඒක සමාගමෙන්ම කල එකක් නිසා බයවෙන්න එපා.

මෙහි චිත්‍රපටි පහක් නිකුත් වි ඇති අතර එයින් 2012 නිකුත් වු Prometheus චිත්‍රපටිය දැනටමත් සිංහල උපසිරැසි සහිතව ලබා ගැනිමට හැකි නිසා මෙහි නිකුත් වු ඉතුරු චිත්‍රපටි සියල්ල ඔබට නිකුත් කිරිමට අප තිරණය කලා.මීලග චිත්‍රපටිය තව ස්වල්පවෙලාවකින් බලාපොරොත්තුවන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත් විසිනි


1 comment:

Powered by Blogger.