Arrow [2012] Season 1 Episode 6 සිංහල උපසිරැසි සමඟ


මුලින්ම සමාවෙන්න ඕනේ මේ කොටස දෙන්න ටිකක් පරක්කු වුන එක ගැන. ඊයේ The Dark Knight Rises එකේ උපසිරසි කරපු නිසා. අද හවස ගෙදර ඇවිල්ලා පැය කිහිපයක් ඇතුලත තමයි මේ මේ උපසිරසි ගැන්වීම කරනු ලැබුනේ. ඉතින් මේ ලබාදීලා තියෙන්නේ ඇරෝ කතා මාලාවේ අපි නොකඩවා ලබාදෙන හයවෙනි කොටසයි. මේ සතියේ කොටසින් ටිකක් වෙනස්ම වෙදිහේ වැඩක් තමයි ඔලිවර් ක්වින් සහ ඩිගල් කරන්නේ. ඒ තම පියාගේ ලැයිස්තුවෙන් පිට සිදුකරන ක්‍රියා මාලාවක්. ඉතින් වැඩි විස්තර කියන්න යන්නේ නැහැ.
නමුත් කියන්න එක දෙයක් තියෙනවා. අපි මේ උපසිරසි යොදන්නේ ඇත්තටම අපිට ලැබෙන නිදහස් කාලය කැප කරලයි. ඒ වගේම මේ දේවල් වලින් අපිට කිසිම ආර්ථික වාසියක් නැහැ. ලැබෙන එකම දේ තමයි ඔයාලගේ අදහස් දැක්වීමක් කියවලා ලබන සතුට පමණයි. ඉතින් එහෙනම් මේ කොටසත් නරඹලා අදහසක් දාලා යන්න. ලබන සතියේ නම් පරක්කු වෙන්නේ නැතුවම සබ් එක ලබාදෙන්නම්. ඒ වගේම මේ කොටසත් අපේ සර්වර් එක තුලින් කෙලින්ම බාගත කිරීමේ හැකියාව තියෙනවා. 


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදා විසිනි


1 comment:

  1. කැප කිරීම අගය කරමි...

    ReplyDelete

Powered by Blogger.