Bait [2012] සිංහල උපසිරැසි සමගින්


සුනාමි කියනකොට දැන් අපි කවුරුත් දන්නවා මොකක්ද ඒ කියල. මොකද සුනාමියෙන් අපිට වුනු හානිය සුළුපටු නෑනෙ නේද. ඒත් සුනාමියක අත්දැකීම අපට නොඑන්න මේ චිත්‍රපටය ඇත්තටම අප කවුරුවත් විශ්වාස කරන එකක් නම් නෑ. මෝරු පදනම් කරගෙන නිර්මාණය වුනු චිත්‍රපට අතුරින් මේක මං දැකපු විශීෂ්ටතම නිර්මාණයක් කියල කියන්න පුළුවන්. මොකද මෙහි යම් සිද්ධීන් විය හැකි හා විය හොහැකියි යන වචන දෙක අතර ප්‍රේක්ෂකයා දෝලයන කරවනවා නොවනුමාන නිසාය. ‍කවුරු ‍මොන විදියට කිව්වත් ම‍ට නම් සාර්ථක නිර්මාණයක් කියන කියල කියන්න පුළුවන් යාළුවනේ මේක.

බෙයිට් චිත්‍රපට පෙලේ තුන්වැනි නිර්මාණ තමයි මේ දැන් ඔයාලට දෙන්න යන්නෙ. කවදත් මෝරුන් හා මුහුදු ආශ්‍රිත චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙන්නෙ ඕස්ට්‍රෙලියාවනේ. ඉතිං මේකත් ඕස්ට්‍රේලියාවෙ තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ. චිත්‍රපටය රූපගක කිරීමට අරගෙන තියෙන ස්ථාන ගත්තාම Coolangatta, Queensland කියන ස්ථාන වලට විශේෂ තැනක් දීල තියෙනවා. ඒ වගේම මේ නිර්මාණයට ඇස්තමේන්තු ගත කරල තියෙන මුදල ඕස්ට්‍රේලියානු ‍ඩොලර් 30,000,000 වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.

කතාව පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි, දරුණු ගනයේ සුනාමියක් ඇතිවෙලා එ පළාතම මුහුදු වතුරෙන් විනාශවී යනවා. ඒත් බේරෙන ටිකට තව ප්‍රශ්නයක් ඉතුරු වෙනවා ඒ තමයි මෝරු ප්‍රශ්නය, මොරු ටිකක් ගොඩබිමට ඇවිත්. එක මනුස්සයෙක් හරි බේරෙන්න ගියොත් මෝරා පැනල කනවා. ඇත්තටම මේකෙ ත්‍රිමාණ කරණ එහෙම සුපිරියට තියෙනවා කියන්න පුළුවන්. ඒ වගේම ඇක්ෂන්,හොරර්,ත්‍රි ලර් චිතුපට බලන අයට නම් මේක කදිම පිළිතුරක් වෙයි. එනෙම් අපි බලමු අපේ මිනිස්සු මිනීකන මොරුන්ගෙන් බේරෙන්නෙ කොහොමද කියල. කට්ටියටම සුභ දවසක්!. 


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි


No comments

Powered by Blogger.