Delhi Belly (2011) සිංහල උපසිරැසි සමගින්


ඔන්න තවත් චිත්‍රපටියක් ඔයාලට අරගෙන ආවා.. ගිය අවුරුද්දේ අතිශය ජනප්‍රියත්වයට උන කොමඩි චිත්‍රපටියක් මේක.. අමීර් ඛාන් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ... ඒ වගේම IMDb දර්ශකයෙ7.5 ඉතා ඉහල අගයක් ගන්නටත් මේකට හැකිවෙලා තියෙනවා.. ඉම්රාන් ඛාන් තමයි රංගනයෙන් දායක වෙන්නෙ.. ඉතින් අපි කථා කරන භාෂාවෙන් කියනව නම් මේක පට්ටම පට්ට කොමඩියක්.. 

මේකෙ කථාව ගැන කියනවා නම් ටාෂි, නිතින්, අරූප් කියන්නෙ එකම කාමරේ ජීවත් වෙන යාලුවො තුන් දෙනෙක්... කාමරයක් කිව්වට ඒක කාමරයක්මද කියලා ඔයාලම බලන්නකෝ... ඉතින් දවසක් ටාෂි ගේ ගෑණු ළමයා ටාෂිට දෙනවා පාර්සලයක් යම් තැනකට බාරදෙන්න දෙන්න කියලා.. මේ පර්සලය මෙයාලට ලැබීමත් එක්ක තමයි මෙයාලා තුන් දෙනාගේ ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නෙ... ඒ අතරවාරයේ නිතින්ට හරි ලස්සන ලෙඩකුත් හැදෙනවා.. ඉතින්මේ ලෙඩේ මොකක්ද, අර හම්බුන පාර්සලේ මොකක්ද, එතකොට පාර්සලයක් මෙයාලගෙ ජීවිත වෙනස් කරන්නෙ කොහොමද, මේ හැමදේම ඔයාලට දැනගන්න ලැබෙයි මේක නැරඹුවහම.. 

ඒ වගේම මේක ගැන කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා ඒ තමයි මේක හින්දි චිත්‍රපටයක් උනාට සම්පූර්ණයෙන්ම වගේ දෙබස් තියෙන්නෙ ඉංග්‍රීසියෙන්.. ඉතා සුළු කොටසක් තමයි මේකෙ හින්දියෙන් දෙබස් තියෙන්නෙ.. අනික තමයි මෙහි භාෂා ව්‍යවහාරය.. චිත්‍රපටිය පුරාවටම අසභ්‍ය වචන සෑහෙන්න තිබුනා, මම බලපු අසභ්‍ය වචන වැඩිම චිත්‍රපටියද මංදා... ඉතින් ඒවා ඒ ආකාරයටම පරිවර්තනය කරේ නම් නෑ, හැකි සෑම අවස්ථාවකදීම උපරිමයෙන් ඒවාට ගැලපෙන වෙනත් අසභ්‍ය නොවන වචන යොදාගන්න උත්සාහ කරා.. ඒ වගේම ඒ කිසිම වදනක් අත ඇරියෙත් නෑ මොකද අර්ථයට හානියක් වෙයි කියලා.. ඒ ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නෙ, එහෙනම් හැමෝම බලන්න මොකද ඔයාලා මේක බැලුවම අනිවාර්යෙන්ම මේකට අකමැතිවෙන එකක් නෑ කියලනම් මට සහතික කරලා කියන්න පුලුවන්... එහෙනම් මම ගියා සැමට සුභ දවසක්... ජයවේවා සූම්!!!! අමතක උනා කියන්න චිත්‍රපටිය අවසානයේ අමීර් ඛාන්ගෙ පට්ටම ඩාන්ස් එකකුත් තියෙනවා ඒකත් බලන්න.... 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර අබේසිංහ විසිනි


No comments

Powered by Blogger.