Ghost Recon : Alpha [2012] සිංහල උපසිරැසි සමගින්


ඔන්න ටික දවසකට පස්සේ උපසිරසි ගැන්වීමක් කරන්න හිතුණා. මේ දවස් වල තියන වැඩත් එක්ක ෆිල්ම් එකකට උපසිරසි හදනව කියන එක නම කරන්න වෙන්නෙ නැති වැඩක්. මම CREATIVENව හම්බ වෙන්න ගෙදර ආපු වෙලාවේ දෙන්නත් එක්ක නෙට් එකේ සැරිසරද්දි තමයි Ghost Recon Alpha කියලshort film එකක් තියනව දැක්කෙ. ඉතින් මේ නම හැමෝම වගේ අහලත් තියනවා. ඒ වගේම මේ ගේම් එක ගහලත් ඇති. Ghost Recon Future Soldier කියන නමත් මේ දවස් වල ගොඩක් ජනප්‍රියිනේ. ඉතින් මේ කෙටි චිත්‍රපටය නරඹද්දී මේක හිතුවටත් වඩා සුපිරිගණයේ එකක් කියල අපි දෙන්නටම හිතුන. ඉතින් වැඩිය දිග නැති නිසා අපේ යාලුවන්ට බලන්න මේකට උපසිරසි ගන්වල දෙන එක හොඳයි කියල අපිට හිතුන. ඔන්න එහෙනම් වැඩේ ඉක්මනටම ඉවර කරලා දුන්න. මේක හරියට චිත්‍රපටියක හොඳම කොටස් ටික එකතු කරලා හදපු චිත්‍රපටියක් වගේ. IMDB වලත් 7.5 වගේ ඉහල අගයක් ලබාගෙන තියනවා. වැඩිය ලොකු සයිස් එකක් නැති නිසා ඉක්මනටම ඩවුන්ලෝඩ් කරගෙන බලන්නත් පුළුවන්. එහෙනම් තවත් හොඳ නිර්මාණයක් සමඟ හමුවෙමු. ඔබ සැමට ජය.!

හිරාන් ලක්ෂික [මරු හිරා]

හිරාන් මල්ලි අපේ ගෙදර ආපු වෙලාවෙ මට එයා මේක වෙබ් එකේ දැකල මට පෙන්නුව, ඉතින් මේක අරගෙන බැලුවම හොඳයි කියල හිතුන මොකද ගේම් එකත් මම ප්ලේ කරල තියෙන නිසා. මේ සබ් එකට මගේ දායකත්වය බොහොම සුලුයි, හිරාන් "මරු හිරා" තමයි මේ වැඩේ ගොඩක් ලයින්ස් ඉවර කලේ. මම ලයින්ස් කිහිපයකටයි උපසිරැසිය හැදුවෙ. කම්මලි කමකින් තොරව ඇක්ෂන් වලින් වරින් පිරිච්ච නියම මිෂන් එකක් . ඉතින් මේක බලල ගුණදොස් කියල යන්න අමතක කරන්න එපා. ජයවේවා.!

නුවන් අබේසිංහ [CREATIVEN]



2 comments:

Powered by Blogger.