Hellboy [2004] සිංහල උපසිරැසි සමගින්


ගොඩක් වෙලාවට ඔයාල මේ චිත්‍රපටය බලලත් ඇති. ඒත් ඉතිං බලපු නැති අයත් ඇතිනේ. ඔන්න ඒ අයට නම් පංකාදු අවස්ථාවක් වෙයි මේක. කෙනෙක් හිතන්න පුළුවන් මෙච්චර අළුත් ෆිල්ම් තියෙද්දි මොකද මේ පරණ ෆිල්ම්ස් දෙන්නෙ කියල. මම මේ මූවි එක දෙන්නෙ මේවන විට මෙහි 3 වන කොටස නිපදවමින් තියෙන බව ඉගි වලින් ප්‍රකාශ කර ඇති නිසයි, නැත් නම් මේක නොබලපු කෙනෙක්ට හෙල්බෝයි කවුද කියලවත් තේරෙන එකක් නෑ. ඕනෑ නම් එහි තෙවන කොටසේ මූවි ට්‍රේලර් එක මෙතනින් හෝ මෙතනින් ගිහින් බලන්න. ඒ ව‍‍ගේම ඒබව IMDb වලිනුත් ප්‍රකාශ කර තිබෙනවා ඒකත් ඕනෑ නම් මෙතනින් බලාගන්න. සාමාන්‍යයෙන් දෙවන ලෝක යුද්ධය ඇතිකරේ කවුද කියල ඇහුවොත් හැමෝම පිළිතුරු දෙන්නෙ ‘හිට්ලර්’ කියලනෙ. ඔව් ඒක ඇත්ත. ඒ වගේම විද්‍යාව ප්‍රායෝගිතව යොදාගත්තෙත් හිට්ලර්මයි. මං අහල තියෙනවා හිට්ලර් යුද්ධය සදහා යොදාගත්ත එක්තරා උපක්‍රමයක් ගැන. සාමාන්‍යෙන් විද්‍යාව දන්න අය දන්නව ඇති නිවුන් සහෝදරයන් දෙදෙනෙකු අතරේ යම් කිසි ප්‍රමාණයක තරංග විශේෂයක් ගැබ්වෙලා තියෙන බව. ඉතිං ඒබව දැනගත්ත හිට්ලර් ඒ විද්‍යාව තම යුධ කටයුතු සදහා යොදාගත්තා. ඉතිං ඒ හිට්ලර්ම තවත් යුධ උපක්‍රමයක් කරනකොට‍ ඒක වැරදිල තමයි මේ හෙල්බෝයි කතාව ඇතිවෙන්නෙ. ඒ කතාව පස්සෙ කියන්නම්. තවද මේ කතාව ඇක්ෂන්, ෆැන්ටසි, ඇඩ්වේන්චර් කියන වර්ග අතරට එක්වෙන විශේෂයෙන් ඇක්ෂන් හා ෆැන්ට‍සි ප්‍රමාණය වැඩි වශයෙන් ගැබ්වුනු චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. ඒ ව‍ගේම IMDb හි 6.9 ක අගයකුත් අරගෙන තියෙනවා. ඒ ‍වගේම දැනට මෙහි දෙවැනි කොටසත් නිකුත් වෙලා තියෙනවා. එම චිත්‍රපටයත් මම උපසිරැසි සමග දෙන්න බලාපො‍රොත්තු වෙනවා ඒත් එක්තරා කොන්දේසි දෙකක් මතයි. ඒක තමයි අඩුම ගානේ උපසිරැසිය බාගන්න අයගෙන් කට්ටිය කමෙන්ට් වලින් ඉල්ලීමක් කරොත් හරි කියන එක. නැත්නම් වෙන අළුත් දෙයකට උපසිරැසි කරන වෙලාව නාස්ති වෙනවනේ. මෙහි දෙවැනි කොටසේ මූවි ට්‍රෙලර් එක බලාගන්න ඕන නම් මෙන්න මෙතනින් යන්න ඒ වගේ IMDb අගය බලාගන්න ඕන නම් මෙතනින් යන්න


එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මම කලින් කියපු විදියට හිට්ලර් කියන යුධ නායකයා තමාගෙ බලය වර්ධනය කරගන්න අළුත් උපක්‍රමයක් යොදනවා. ඒ තමයි පිටසක්වල ජීවීන් සමග ගනුදෙනු කරන එක. ඒත් ඒ බව දැනගත්ත ඇමරිකානු සෙබලු පිරිසක් මොවුන්ගෙ එම ක්‍රියාවලිය විනාශ කරදානවා. ඒත් පරක්කු වැඩියි ද්වාරය ඇරිල ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ඇමරිකානුවන් විසින් හිට්ලර් හිතවාදීන් නවත්තන්නෙ. ඉතිං මේ ද්වාරය දිගේ විවිධ සත්තු පැමිණෙනවා. ඒ අතරේ තමයි හෙල්බෝයි නුත් එන්නෙ, ඒ කියන්නෙ හෙල්බෝයි පිටසක්වල ජීවියෙක්. ඉතිං හෙල්බෝයි පොඩි ‍කාලෙ තමයි ද්වාරය දිගේ ඇමරිකානු සෙබලුන්ට හමුවෙන්නෙ. ඉතිං ඇමරිකානුවන් කරන්නෙ හෙල්බෝයි හදාවඩා ගන්න එක. පස්සෙ ක්‍රමක්‍රමයෙන් හෙල්බෝයි ලොකුවෙලා පිටසක්වලින් ආපු අනෙත් සත්තුන්ගෙන් පෘථිවි ජීවීන් බේරගන්න එක තමයි කතාවෙ යන්නෙ. ඇත්තටම මම කතාව කිව්වෙ නෑ චිත්‍රපටය ආරම්භ වෙන මුල්ම විනාඩි ටිකේ දර්ශනය වුනු කොටස් ටික තමයි කිව්වෙ. කතාව මොනව වගේද කියල දැනගන්න ඕනෙම නම් මූවි එක බලන්නම වෙනවා. එහෙනම් මම දැනට නවතිනවා, ඒ වගේම මේකෙ දෙවැනි කො‍ටසෙ උපසිරැසියත් ඔයාලට ඕනෙ නම් අනිවාරයෙන්ම කමෙන්ට් එකකින් කියන්න.එහෙනම් කට්ටියටම සුභ දවසක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි


No comments

Powered by Blogger.