ParaNorman [2012] සිංහල උපසිරැසි සමගින්


කොහොමද ඔයාලට... මේ දවස්වල ගොඩක් වැඩ නිසා ඉක්මනින් චිත්‍රපටි දෙන්න වුණෙත් නෑ, වෙලාව තියෙන හැටියට ඔයාලට උපසිරැසි දෙන්න හොඳ චිත්‍රපටියක් හොයමින් ඉන්නකොට තමයි මේ චිත්‍රපටිය හම්බවුණේ, ඔයාලා හොල්මන් කාටුන් බලලා තියෙනවද? එහෙම කියනකොටම මතක් වෙන්නේ ස්කුබි ඩූ නේද  හැබැයි ඒ වගේ බොරු හොල්මන් නෙමෙයි, ඇත්තම හොල්මන් ඉන්න ලස්සන කතාවක් තමයි මේ ParaNorman කියන්නේ... චිත්‍රපටිය ආපු ගමන්ම ගොඩක් ජනප්‍රිය වෙලා මේ වෙනකොට IMDB Ratings 7.6/10 ක් ම අරගෙන තියෙනවා. ඒ කියන්නේ සාපේක්ෂව ඉතාහොඳ ප්‍රතිචාරයක්...හරි, කතාව ගැනත් ටිකක් කියන්නම්,

නෝමන් කියලා පොඩි ළමයෙක් ඉන්නවා, මෙයාට උපතින්ම ලොකු හැකියාවක් හම්බවෙනවා ඒ තමයි මියගිය ජීවීන්ගේ ආත්ම සමග කතාකරන්න පුළුවන් වීම, මේ ළමයට ඒ මැරුණු මිනිස්සු පේන්නත් පටන්ගන්නවා. ඒත් එයා මේ ගැන කියන හැම කෙනෙක්ම මෙයා බොරුකාරයෙක් කියලා හිතලා මෙයාට විහිළු කරනවා, එයාගේ පවුලේ අයවත් එයාව විශ්වාස කරන්නේ නෑ, එයාගේ මාමා කෙනෙක් ඉන්නවා එයාටත් මේ හැකියාවම තියෙනවා, මාමා මේ ළමයට කතාවක් කියනවා, ඒ තමයි නපුරු මායාකාරියකගේ ශාපයක් මේ නගරයට වැදිලා එක දවසකදී හොල්මන් අවතාර ගොඩක් මේ නගරයට එනවා කියන එක. ඒක නවත්වන විදියත් මාමා මෙයාට කියලා දෙනවා. ඒත් අතරමගදී මාමා මැරෙනවා. මෙයා මේ ශාපය නවත්වන වැඩේ කරන්න තනියම යනකොට මෙයාට හොඳ කණ්ඩායමක් හම්බවෙනවා, ඒ තමයි මෙයාගේ හොඳම යාලුවා, යාලුවාගේ අයියා, මෙයාට පාසැලේ ඉන්න ලොකුම තරහාකාරයා, ඒ වගේම මෙයාට අපේ අක්කා වගේම හොඳ හැකර කටක් තියෙන අක්කා කෙනෙකුත් ඉන්නවා  මේ කණ්ඩායම එකතු වෙලා නපුරු මායාකාරියගේ ශාපයෙන් හැමෝවම බේරගන්න සිදුවීමක් තමයි තියෙන්නේ.. මම මෙහෙම කියනකොට මේක සුරංගනා කතාවක් කියලා ඔයාලට හිතෙයිද දන්නේ නෑ, එහෙම නෑ මේක සුරංගනා කතාවක් නෙමෙයි, අපේ කාලයේම ලස්සන හොල්මන් කතාවක්. එතකොට බලයි හොල්මන් කතාවක් කොහොමද ලස්සන වෙන්නේ කියලා :/ මේක හොල්මන් කතාවක් වුණාට ගොඩක් විහිළු තියෙන චිත්‍රපටියක්, අවතාර සෙට් එක වුණත් හොඳ විහිළුකාරයෝ ටිකක්. ලොකු පොඩි පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් මේ චිත්‍රපටිය ඔයාලත් අරන් බලන්න... ආයෙත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු!

මෙහි නිකුත් වි ඇති ටොරන්ට් අතරින් 1.44GB කොපිය ඉතාමත් ගුණාත්මක භාවකින් යුක්තයි.මේ චිත්‍රපටියේ BRRIP පැමිණ සැනින් නැවතත් එම කොපි සදහාද උපසිරැසි යාවත් කාලින කරනු ලැබේ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි


No comments

Powered by Blogger.